ෆලෝ කරන්න

Tuesday, August 9, 2011

සුදු පිරුවටය . . .

සුදු පිරුවට ,
එළාලූ ඇඳ මත
පැල්ලමක් ගැන දොඩන
මිනිසුනේ අසනුමැන . . .


ජීවිතේ අභියසක ,
සුදුවන්ව තිබියයුතු
ගුණ සපිරි හදවතක්
නොසොයාම සොයන ඔය
පිරිසිදුවේ වග කුමට . . .

Monday, August 8, 2011

වාරය . . .



ඵල දැරුමට
නැතිය තව අවසර
එනමුදු ,
එළඹ ඇත කාලය
වෙරළු මල් 
සුවඳ ඇරඹෙනා වාරය . . .
කුරුට්ටන් ,
සිත්හී අඹා යහමින් 
නා නාවිද රූ කැටයම්
අත්කම් කරන්නට
පටන්ගෙන රහසේම
හැඳි වතවත් නොසිතාම
තවරගෙන සායම්
සිතුවම් කරමින් ,
සිතියම් . . .