ෆලෝ කරන්න

Saturday, October 20, 2018

සුදු අම්මා . . .



මහ මුහුදක් ය
නුඹ ,

නුඹේ ඔය ආදරය
හිත ගැඹුරේ පුරෝගෙන
හංගාන හැම හැමට
හොර හොරෙන් බෙදන

දිනෙක . . .


සබඳ,
ප්‍රේමයේ විසල් ගහ කොළ
අවාරයේ යම් විටෙක 
පත්‍රයෙන් ඵලයෙන් පුෂ්පයෙන්
තොරව වියැකී මියැදෙනු ඇත

වාරයේ එහි
ශේෂ වූ අංකුරම
විසල්ව දළුලා වැඩෙන්නට

සමහර විටෙක ඒ අතර
බටිත්තන්ද හිදිනු ඇත
ප්‍රේමයේ කතන්දර
හෙමි හෙමින් මුමුණන

Friday, October 19, 2018

අතහැරුනු මතක . . .



ඉඩකඩක් ලද විටෙක
ඇවිත් යනවද මදක්


දැනුදු දැකිය හැකිවේය
නුඹ මා ඉදහිටක
ඇවිත් මුමුණපු ගස යටම
ප්‍රේමයේ නොමියෙනා පද
මිමිනෙනා බවක්


නුඹෙන් උණුහුම්වු සිත
නුඹ අතැර ගියත්
දිරායන බංකුවක
ඒ අහල තවත්
මුමුණයි ඒ හිතම
අතීතයේ වගක්

විල්පත්තුවෙන් . . .


විල්පත්තු ජාතික මුඩු බිමේ
අපි ඉන්නවා වැට කෙලවරේ
පෙර හැර වත් නැතිද පන්සලේ
අඞ ගහනවද අපෙ හිමියනේ

අප වෙනුවෙන් නැගූ ඒ හඞ
බොදව ගියා හද ගොලු කොට
යලි නෑසෙන ලෙස තිර ලෙස 
විල්පත්තුවේ මහ වන මැද

උන් ඇවිත් ලස්සනට
පොටෝ ගනිත් හරි හැඩට
අපි නියම ලෙස තිතට
ඉන්නවා තුටු ලෙසට

කන්න පල වැල බෝ අඩුයි
ඉන්න හෙවනත් නැති වගෙයි
සෙලවුනොත් වෙඩි නියතමයි
මෙහෙ හදිසි නීතිය වගෙයි

උඹලා ඇවිත් අපේ තැනට
සත්තු වගෙයි කරනා වැඩ
කළ හදියක තේරුම කිම
පැන නගද්දි පිළිතුරු නැත

මූකලානේ අපේ එවුන්
ගම් වැද උන් තැන නැති හැටි
හඩා වැටෙයි කියමින් සකි
නෑහෙන එක අරුමයේ හැටි

කැලේ දෙයියොත් අහක බලලා
අත්ත එල්ලූ ගහත් කපලා
කාගෙ සරණද මෙහෙට කියලා
කියනවද අපෙ දුකත් සොයලා