ෆලෝ කරන්න

Thursday, April 25, 2019

අහස වෙත . . .

ලියමි ,
අඩන අහස වෙත . . .

දුක තමා හිතට
ඒත්,

නාඩා ඉදින් ඔහොම
වාවගනිං තදට . . .

දරා ඉනු බැරිවෙයි
මගේ හිතටත්  ,
තවත් එතකොට . . .

අහිංසක උං ගැන
හිතනකොට . . .

මීට ,
මහ පොළොව . . .

Friday, April 12, 2019

අලුත් අවුරුද්ද . . .

දුක හිතුනේ නැත්ද ,
ඇබින්දක් වත් උඹලට

ගම් ගියේ අතැර
තට්ටතනියම
නව අවුරුදු
පාමුලම . . .

මීට,
ශෝකයට පත්

කොළඹ

Saturday, April 6, 2019

ජීවිත . . .



කපුටු බෝ රුක මුල
පාරමී පුරා අහවරව
වීදියේ කෙලවරට
මදක් ඔබ්බෙන්
වක ගැසුණු තුනටිය
යාන්තමට දිගහැර

සල්ලි කොල අතර
කාසිත් රැදුණු ඉටි මල්ල
දිගහරින ' සුපර්ණා '

ඉදහිට මග යනෙන
හසුවන වපර ඇස් වලට
කාසි කොල මිස හිතක
වෙන කිසිත් නොදැක්කා

ඇස් අගට තිබුණු
අලුත් උණු කදුලු කැට
දවසේම තත්පරත්
අඩුවෙන්ම ගැන්නා

තිස්අටේ කොට කොටා
ගියමුත්  විගසකට
අපේක්ෂාවෙන් ඈතකට
ඔහු නික්ම තිබුණා

සොවින් ඉතිරුණු හිතත්
වාරුකර බැරිතැනම
මුවින් ගොලු පීලි මත
ඈ වැතිර තිබුණා

Thursday, March 28, 2019

වෙරළ කොනක . . .

සාගරයට සහ ආදරයට
දෙකටම පොදුයි

එකපාරට එන
තද ගොරෝසු
රැල්ල . . .

ඒ අතර ,
නිහඩබව

විටෙක ඔච්චමක්
තවත් විටෙක තරවටුවක්

ඒත් බොහෝ විට
නො තේ රෙ න ම හැගීමක්

රළ බිදෙන වෙරළකට
හුරුයි දැං ඒක

ආසම මම
හැමදේටම වැඩිය
බිදෙන තැනටයි
රළ

පේනවට වඩා
ගුප්තයි එතන . . .