ෆලෝ කරන්න

Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts

Saturday, October 20, 2018

සුදු අම්මා . . .



මහ මුහුදක් ය
නුඹ ,

නුඹේ ඔය ආදරය
හිත ගැඹුරේ පුරෝගෙන
හංගාන හැම හැමට
හොර හොරෙන් බෙදන

දිනෙක . . .


සබඳ,
ප්‍රේමයේ විසල් ගහ කොළ
අවාරයේ යම් විටෙක 
පත්‍රයෙන් ඵලයෙන් පුෂ්පයෙන්
තොරව වියැකී මියැදෙනු ඇත

වාරයේ එහි
ශේෂ වූ අංකුරම
විසල්ව දළුලා වැඩෙන්නට

සමහර විටෙක ඒ අතර
බටිත්තන්ද හිදිනු ඇත
ප්‍රේමයේ කතන්දර
හෙමි හෙමින් මුමුණන

Friday, October 19, 2018

අතහැරුනු මතක . . .



ඉඩකඩක් ලද විටෙක
ඇවිත් යනවද මදක්


දැනුදු දැකිය හැකිවේය
නුඹ මා ඉදහිටක
ඇවිත් මුමුණපු ගස යටම
ප්‍රේමයේ නොමියෙනා පද
මිමිනෙනා බවක්


නුඹෙන් උණුහුම්වු සිත
නුඹ අතැර ගියත්
දිරායන බංකුවක
ඒ අහල තවත්
මුමුණයි ඒ හිතම
අතීතයේ වගක්

Monday, September 12, 2016

මතක ආවර්ජනා . . .

දුමාරයක් හිත වටකළා
හීතලේ කෑගසා නොහඬා
ඉකිගසා හොරෙන් හැඬුවා
දුමාරයේ සැඟවී තනිවුණා

වළාකුලක් නැති හිස් අවකාශේ
අකුණක් ගැහුවා දෙදරා ඒ සිත් අහසේ
කෑගසා හඬන දෙනුවන් බොරවී
ඉකිගසන හඬ සඟවා තනිවුණා

මූසලම රැයක නුඹ ඒ ගිය දිනය
මකාදැමුවා දස අත රැඳුණු මතක
පියුමන් විකසිත නොවන මල්විලක
සැඟවුවා මසිත ඒ දිය ගැඹුරේම

නොනිදා පහන් වන රැයක
පාවෙලා සොයා යන අරුත
දුමාරයේ සැඟවී කොහෙද
පාවෙලා ඈතට ගියා

Tuesday, July 19, 2011

නින්ද නුඹ . . .





නිදි දෙව්දුවනි ,
අද රැයත් නුඹ
වෙලී ඉන්න
ඇගේ ලඟ
නොදැනෙන්න ඇයට
හිතේ බර . . .

ඇගේ ලඟ හැංගිච්ච
හීන කප්පරම ,
රැගෙන මම සැබෑකර
එනතුරා හැකිවෙත්ද
රැඳී ඉඳ සනසන්න
මගේ පෙම්බරියව
සුවසේම . . .

Monday, June 20, 2011

සිපගතිමි . . .

අඩවන්ව ,
පියැවුණු දෙනෙත
කී කතාවට 
මත්ව . . .


නුඹ ලඟ
මා ද ,
එලෙසම . . .


සිහින් සිනිඳු පෙති
සොයා ,
වසාහල දෙනෙතින්ම 
සිපගනිමි . . .


රහසේම ,


නුඹට හොරා,
මම . . .
මට හොරා 
නුඹ . . .

Saturday, June 18, 2011

සිහින තාරකා . . .



සිහිනයක පෑයූ
සිහින තරුවක්
තාමත් මගේ ලඟ
නිදිමතේදෝ මුමුණමින්
මගේ හිත් කොනක
ලැගුම්ගෙන රිසිසේ
. . . ඇගේ වගේ . . .

- ඔවු ඇගේ -

෴෴෴෴෴෴

Tuesday, June 14, 2011

සිහිනෙන් . . .


ඝණඳුරට ,

නිති පෙම් බඳිමි
රැය පුරාවට . . .


ඉහිලුම් නොදෙන
හැඟුම් පොකුරු මල්
අතුරාලූ යහන් මත
සැතපෙමි . . .


නුඹේ උයනත ,
කුසුමන් අතර
හිස හොවාගෙන
නැහැපුඩු වෙලාගත්
සුවඳින් ,
මන්මත්වෙමි . . .


රැය ,
පහන් කරමි
සිහිනෙන් මෙලෙසින්ම. . . 

Monday, June 13, 2011

නොසඟවන්න . . .


‎" ඉකිබිඳිමි ,

රහසේම සඟවගෙන
හැමදාම . . . "

නොසිතන්න එලෙසින්ම
හිඳිමි මම
නුඹ ලඟම . . .

නොසඟවා පවසන්න
එක්වී වැලපෙන්න
මාත් එක්කම . . .

මමත් නුඹත් . . .

අහවර කරමු
වැලපී දෙදෙනාම
සිනා මල් කැකුළු
මඟ බලන් ,
ජීවිතේ දොරකඩ
එනතුරුම . . .

හිනැහෙන්න ,
පිළිගන්න . . .

Friday, June 10, 2011

නොඉවසිල්ල . . .


තත්පරයත් ,

කප්පරක් වුණු 
මට . . . 
ගතවුණු දින
නැතිව නුඹ . . .

පෙමක් ලදිමි . . .


කඩමලු සිතට ,

නුඹ තැවරූ
සලු පිලි . . .
හරි හැඩයි
නුඹ ,
නොදත්තට . . .

සිනාමල් පූදින්න . . .



කඳුල වැහුමට ,
සිනාවක් දවටගෙන . . .

ලොවට රහසින් ,
හඬන නුඹ සිත . . .

වත්තන් කරගෙන ,
නුඹ ලඟ ඉන්නට . . .

කඳුල නෙරපමි ,
නුඹෙන් දුර ඈතට . . .

ඇයිද නුඹ . . .




මම 

නුඹේ ලඟ නේද 
හැමදාට

ඉතින් ඇයි
තවත් ඔය තරමට
විඳවන්නේ හිත හිත 

සිහිනයෙන් මෙන් සිහිනෙන් . . .


නුඹ ,

තුරුළු වී 
මට . . .

සිඹ ,
තෙපලනා බස්
ලඟ හිඳ
ඇසේ සවනත
සිහිනයෙන් මෙන්
දැනුඳු සිත ලඟ . . .

විගසින් . . .

සඳ , තරු
නුඹ විය . . .
මගේ ගඝනත
සරා දස අත
සොය නුඹ වෙත
අවුත් විගසින
තුරුළු කරගෙන
හිඳින්නම් මම
හකුලුවා හැර
ගෙවෙන තත්පර . . .

ලතෑවිල්ල . . .

සඳ ,
නොමැති අහසට
නුඹ ,
නොපෙනෙනා නෙතකට
මුමුණනා හඬ ,
නෑසෙනා සවනතට
කොයිද ,
සැනසීම කිසිම ලෙසකට . . .

Thursday, June 9, 2011

ආදරෙන් ඔයාට . . .



" මෙන්න ඔයාට "

හැම අහුමුල්ලකම
හැංගිලා අමතකවුණු
ආදරේ 
හැම පුංචි බිංදුවත්
. . . එකතුකරලා . . .