සිත් යහන්මත නිදිවැද , හොර හොරෙන් මිමිණූ සිතුවිලි ගොණුකොට කප්පරක් සෙනෙහසින් වදන් වැල් අමුණා සහෘද නුඹට.
ෆලෝ කරන්න
Showing posts with label බිඳුණු. Show all posts
Showing posts with label බිඳුණු. Show all posts
Saturday, April 6, 2019
ජීවිත . . .
කපුටු බෝ රුක මුල
පාරමී පුරා අහවරව
වීදියේ කෙලවරට
මදක් ඔබ්බෙන්
වක ගැසුණු තුනටිය
යාන්තමට දිගහැර
සල්ලි කොල අතර
කාසිත් රැදුණු ඉටි මල්ල
දිගහරින ' සුපර්ණා '
ඉදහිට මග යනෙන
හසුවන වපර ඇස් වලට
කාසි කොල මිස හිතක
වෙන කිසිත් නොදැක්කා
ඇස් අගට තිබුණු
අලුත් උණු කදුලු කැට
දවසේම තත්පරත්
අඩුවෙන්ම ගැන්නා
තිස්අටේ කොට කොටා
ගියමුත් විගසකට
අපේක්ෂාවෙන් ඈතකට
ඔහු නික්ම තිබුණා
සොවින් ඉතිරුණු හිතත්
වාරුකර බැරිතැනම
මුවින් ගොලු පීලි මත
ඈ වැතිර තිබුණා
Friday, October 19, 2018
අතහැරුනු මතක . . .
ඉඩකඩක් ලද විටෙක
ඇවිත් යනවද මදක්
දැනුදු දැකිය හැකිවේය
නුඹ මා ඉදහිටක
ඇවිත් මුමුණපු ගස යටම
ප්‍රේමයේ නොමියෙනා පද
මිමිනෙනා බවක්
නුඹෙන් උණුහුම්වු සිත
නුඹ අතැර ගියත්
දිරායන බංකුවක
ඒ අහල තවත්
මුමුණයි ඒ හිතම
අතීතයේ වගක්
Labels:
ආදරය,
ජීවන,
පසුවදන්,
බලාපොරොත්තුව,
බිඳුණු
විල්පත්තුවෙන් . . .
විල්පත්තු ජාතික මුඩු බිමේ
අපි ඉන්නවා වැට කෙලවරේ
පෙර හැර වත් නැතිද පන්සලේ
අඞ ගහනවද අපෙ හිමියනේ
අප වෙනුවෙන් නැගූ ඒ හඞ
බොදව ගියා හද ගොලු කොට
යලි නෑසෙන ලෙස තිර ලෙස
විල්පත්තුවේ මහ වන මැද
උන් ඇවිත් ලස්සනට
පොටෝ ගනිත් හරි හැඩට
අපි නියම ලෙස තිතට
ඉන්නවා තුටු ලෙසට
කන්න පල වැල බෝ අඩුයි
ඉන්න හෙවනත් නැති වගෙයි
සෙලවුනොත් වෙඩි නියතමයි
මෙහෙ හදිසි නීතිය වගෙයි
උඹලා ඇවිත් අපේ තැනට
සත්තු වගෙයි කරනා වැඩ
කළ හදියක තේරුම කිම
පැන නගද්දි පිළිතුරු නැත
මූකලානේ අපේ එවුන්
ගම් වැද උන් තැන නැති හැටි
හඩා වැටෙයි කියමින් සකි
නෑහෙන එක අරුමයේ හැටි
කැලේ දෙයියොත් අහක බලලා
අත්ත එල්ලූ ගහත් කපලා
කාගෙ සරණද මෙහෙට කියලා
කියනවද අපෙ දුකත් සොයලා
Wednesday, September 26, 2018
මතක . . .
පෙර කළෙක
ආ ගිය මගක
පයගසා බැලීමි
නිකමට
ආ ගිය මගක
පයගසා බැලීමි
නිකමට
එදා ඒ මගම
මෙදා විය හාත්පස
වෙනස් අයුරක
නුපුරුදුම වුණ
මෙදා විය හාත්පස
වෙනස් අයුරක
නුපුරුදුම වුණ
තබා ගිය මතක
ඇත තැන තැන
ඇත තැන තැන
දූවිල්ලෙන් වැසී
වැලලී යන
ඉද හිට පෙනෙන
නොපෙනෙන
එදා සිත
නවතා තබාගිය
ඒ මගෙහීම
හුරුපුරුදු වුණ
නවතා තබාගිය
ඒ මගෙහීම
හුරුපුරුදු වුණ
මතකයක රැදුණ
Monday, September 12, 2016
මතක ආවර්ජනා . . .
දුමාරයක් හිත වටකළා
හීතලේ කෑගසා නොහඬා
ඉකිගසා හොරෙන් හැඬුවා
දුමාරයේ සැඟවී තනිවුණා
වළාකුලක් නැති හිස් අවකාශේ
අකුණක් ගැහුවා දෙදරා ඒ සිත් අහසේ
කෑගසා හඬන දෙනුවන් බොරවී
ඉකිගසන හඬ සඟවා තනිවුණා
මූසලම රැයක නුඹ ඒ ගිය දිනය
මකාදැමුවා දස අත රැඳුණු මතක
පියුමන් විකසිත නොවන මල්විලක
සැඟවුවා මසිත ඒ දිය ගැඹුරේම
නොනිදා පහන් වන රැයක
පාවෙලා සොයා යන අරුත
දුමාරයේ සැඟවී කොහෙද
පාවෙලා ඈතට ගියා
හීතලේ කෑගසා නොහඬා
ඉකිගසා හොරෙන් හැඬුවා
දුමාරයේ සැඟවී තනිවුණා
වළාකුලක් නැති හිස් අවකාශේ
අකුණක් ගැහුවා දෙදරා ඒ සිත් අහසේ
කෑගසා හඬන දෙනුවන් බොරවී
ඉකිගසන හඬ සඟවා තනිවුණා
මූසලම රැයක නුඹ ඒ ගිය දිනය
මකාදැමුවා දස අත රැඳුණු මතක
පියුමන් විකසිත නොවන මල්විලක
සැඟවුවා මසිත ඒ දිය ගැඹුරේම
නොනිදා පහන් වන රැයක
පාවෙලා සොයා යන අරුත
දුමාරයේ සැඟවී කොහෙද
පාවෙලා ඈතට ගියා
Friday, July 29, 2011
ශිල්පියෙක් අවැසිවේ . . .
වරක් මා අවුදින්
බිඳුණු සිත
සැකසුවා නොවැ
තිබූ ලෙසකම
පෙරලෙස . . .
යලි යලිදු
නුඹ ,
සිඳ බිඳලන්න
සිත ,
සිත්සෙයින් ඉඩහැර
සොයනවා නොවැ යලිත්
පිලිසකර කෙරුමට
ශිල්පයෙහි උගතෙකු . . .
Monday, July 18, 2011
තුවාලය . . .
෴෴
නුඹේ අතින්
හීරිච්ච හිත
අද බලත්දි
. . . පැසවලා හොඳටෝම . . .
෴෴෴෴෴෴
Saturday, July 16, 2011
Tuesday, June 28, 2011
නිවුණු . . .
වචන ගොන්නක්
අමෝරාගෙන
නුඹ ,
මා එනතුරු
රැකගෙන . . .
සුදු කොඩි එසවූ
වදන් සොයනා
මම ,
" නිවටද "
යුධ වදිණු නැතිවට . . .
---------------------------------- නිවුණු
Thursday, June 23, 2011
සාවියෙක් . . .
හමුවුණා මට,
කිරි පැණි අත තියන්
මඟ බලන හාවියෙක්
දැන් දැන් එතැයි . . .
තවමත් නෑ
අවුදින් සඳ මතට
කිරි පැණි සොයා
නික්මුනාවූ
සාවෙක් . . .
කිරි පැණි අත තියන්
මඟ බලන හාවියෙක්
දැන් දැන් එතැයි . . .
තවමත් නෑ
අවුදින් සඳ මතට
කිරි පැණි සොයා
නික්මුනාවූ
සාවෙක් . . .
Sunday, June 19, 2011
අයිතිය . . .
පුදසුන මත
සැතපුණු මල්
කෙතරම්ද . . .
ඒත් ,
අයිතිකාර බව
කවදාක හෝ
හිමිවුනිද පුදසුනට
එකඳු හෝ මලක . . .
සැතපුණු මල්
කෙතරම්ද . . .
ඒත් ,
අයිතිකාර බව
කවදාක හෝ
හිමිවුනිද පුදසුනට
එකඳු හෝ මලක . . .
Saturday, June 18, 2011
ගණුදෙණු . . .
අබැටක සිනාවක්
නොවූයෙන් මා ලඟක
දිනක ගෙවනා රිසින්
ණයට ගත් සිනා මල්
හකුලගෙන නැවත මං
කඳුළු පොලී එකතුකරන්
නික්ම යන්නම් ඉතින්
නැවත නො එනා රිසින්
෴෴෴෴෴
෴෴෴෴෴
Friday, June 17, 2011
පෑරෙන හිත් . . .
වචන ,
පාරන තරමක්
පහුරුගගා
මගේ හිත . . .
ඉඩ දෙනවා
මම ,
නුඹ විඳින සතුටට
හැමදාම . . .
දැන දැනම . . .
ගවුගණන් දුර ඈත
දිලිහෙනා හඳක් ගැන
කප්පරක් හීන දැක
හිතේ බරට වෙලාවක
නොහිතෙනා යාමයක
කඩාවැටෙන බැව් දැනම
අතරමඟ දිවිගෙවන
තවත් එක තරුවක්
. . . . මම . . . .
෴෴෴෴෴෴෴෴෴෴෴
පියමනිමි . . .
මගේ වුණු
හීනයක ,
දිලිහෙන්න
හොර හොරෙන් පෑයූ
නුඹ ,
තාරකාව . . .
දුන් සිනා මතකයේ
දවටා තුරුළුකර
හැමට හොරා හැංගිලා
ඉකිබිඳිනයුරු සොවින්
හැඟෙන සිත හකුලගෙන
වියැකෙන්න මඟ සොයමි
නුඹ හා පියමැන්න
ඒ මතක මාවතේම . . .
නුඹෙන් නික්මෙමි . . .
නුඹේ දෙතොලඟ ,
සිනහවක්වී ඉපිද
හැමදාට රැඳෙන්නට
පුල පුලා බලාහිඳ
නිදිවැදගනු නොහී
නුඹේ හිත තුළ
ගොම්මනට පෙරාතුව
නික්ම යමි නුඹගෙන්ම
අතීතයක වත්මන
සොරාගෙන නුඹව
බලාහුන් මදෙසවත්
නිකමටවත් නොබලාම
නික්මුනා ඈතකට
ඉගිලගිය හිත මෙන්ම
පරාජිත සුසුමින්
දොවාගෙන මතකයම
෴෴෴෴෴෴෴෴෴
෴෴෴෴෴෴෴෴෴
Friday, June 10, 2011
නුඹට හොරා . . .
නුඹ
ඉකිබිඳින අඳුරේ
නොපෙනුනත්
කන් දෙන්න
තවත් එක් ස්වරයක
ඉකිබිඳුම
. . . රහසේ . . .
෴෴෴෴෴
෴෴෴෴෴
හේතුව . . .
ලංවන සිනහවට
ඔය තරමටම
ගැරහුම් ,
අනේ ඇයි . . .
සඟවමින්
ඔය තරම්
ආදරේ බැව්
කඳුලකට
මෙතරම් . . .
තනිරැකුම . . .
ලොවම නිදන
නිහඬ මැදියම
අවදියෙන් . . .
මගේ තනියට
අවදිකරගෙන
තනිකමද ,
තනියට . .
යුතුකමද . . .
මං . . .
අහං ඉන්නකොට
හැමෝම කියෙව්වා . . .
මම ,
කියවන්න හදනකොට . . . ?
Subscribe to:
Posts (Atom)

