සබඳ,
ප්‍රේමයේ විසල් ගහ කොළ
අවාරයේ යම් විටෙක
පත්‍රයෙන් ඵලයෙන් පුෂ්පයෙන්
තොරව වියැකී මියැදෙනු ඇත
වාරයේ එහි
ශේෂ වූ අංකුරම
විසල්ව දළුලා වැඩෙන්නට
සමහර විටෙක ඒ අතර
බටිත්තන්ද හිදිනු ඇත
ප්‍රේමයේ කතන්දර
හෙමි හෙමින් මුමුණන
සිත් යහන්මත නිදිවැද , හොර හොරෙන් මිමිණූ සිතුවිලි ගොණුකොට කප්පරක් සෙනෙහසින් වදන් වැල් අමුණා සහෘද නුඹට.