ෆලෝ කරන්න

Friday, June 10, 2011

හෙවනැල්ල . . .


හේමාලයා සොයා
නික්මුනා මමත්
නෙක වීදි පසුකර
බොහොමත්ම වෙරෙන්
මා මෙහි දමා
ඔහු ගිහින් හොරෙන්
හේමාලයා එපා
හැරෙන්නම් සැනෙන්
නුඹ හිඳියි කියා
කියයි නම් පෙමින්
කුමටද තවත්
හේමාලයෙක් නමින්
නුඹ හිඳී නම් ලඟින්
නෑ කිසිත් පාළුවෙන්
දොඩමළුව හිඳින්නට
උනුහුමේ ලඟින්
හෙවනැල්ල කළ දේම
නොවුනොතින් නුඹෙන්
රැඳෙන්නම් නුඹ ලඟින්
නුඹේ වී පෙමින් . . .

සිහින ප්‍රාර්ථනා . . .


සිහින කප්පරක්
සිත් හී දරාන
සෙත් පතා දැල්වූ
පහන් සිලක් සිපගන්න
සිහින දකින මෙරුවෙක් ලඟ
කෑදර බැලුම් මැද
සඟවාගත් කුරුමානම
නිහඬවම සතපවා ගත්
සිහින දකින ,
හූනෙක් . . .

ඇගේ මතකය . . .


හැර දෑස්
කුමටද අඳ වූ
දකිනු නැතිකොට
නුඹෙ රූ 
ඇඳෙනා . . .
සවනත යොවනු 
කුමටද දස අත
නුඹේ හඬින් ගී
නොගැයෙන යාමෙක . . .
දසත අතගා
සොයනු කුමටද
ඇඟිලි තුඩු අග
නොරැඳි උනුහුම . . .
නුඹේ ලඟ හිඳ
වෙසෙනු කුමටද
ඔහුගේ මතකය
නුඹේ ලඟ 
ලඟින් හිඳගෙන
තවත් ඇතිකොට . . .

නොඉවසිල්ල . . .


තත්පරයත් ,

කප්පරක් වුණු 
මට . . . 
ගතවුණු දින
නැතිව නුඹ . . .

කැලෑ මල . . .


නුඹ ,
 
කැලෑ මල
පිපී විකසිතව
සැඟවිලා හුන් 
තුරුගොමුව 
නුඹම සිඳ ,
එළිවැද . . .
මගේ නෙත ඉදිරියේම
නෙක බමරුන්
නුඹ ලඟම රැඳෙන්නට
වැද තරඟයක
කුමක් කරනුව
හිඳිනු මිස බලාන . . .

සූදුව . . .


කාසි සහ නෝට්ටු

තියලා උකසට
" සැනසිල්ල "
හොරෙන්ම ,
ජීවිත සූදුවට . . .

අවසන . . .


සුසුම් පොදි

සොයනවා . . .

ජීවිතය දොවාලූ
සන්තකය 
නිමාකර හෙලන
අවසන්ම ,
හුස්ම පොද . . .