ෆලෝ කරන්න

Monday, October 10, 2011

පුතු . . .





හතර රියනක්
මොකටැ මයෙ පුත
නුඹේ වත
සඟවන්න පොළෝමත
වැසි බිඳක්
නොවැටුනු අහස් ගැබ
කුමටොදෝ 
කඳුලැලි වැටෙන විට
නුඹට දෙන්නට
දෙතනේ කිරිටික
හිඳිලා නොවැ
පවුකාර දිවියට
දෛවයෙන්
සරදම් සිනාදෝ
වැලලෙන පුතුටත්
හෙලූයේ අවසන

______

Tuesday, October 4, 2011

තනිකඩයි තවමත්ම . . .



සඳ , තරු , හිරු
පෙම් කළද
උණුන්ට
තනිකඩයි අහස
තවමත්ම . . .


නිමේශයක සතුට
තියේනම්
හැම තත්පරයකම
නොවෙනස්ව ,
අපූරුයි නේද . . .


අහස දිහාවට
ඇස් තියාගෙන
මෙහෙම අහනකොට
මම හැමදාම


" එළිවෙන්න ලගයි දැං "


මිමිණුවා අහස ,
අහිංසක ලෙස . . .


හෙටත් මම ඇවිත්
අහන බව 
දැන දැනම . . .

වැටමාර . . .


නුඹ කාටදෝ අයිති
නොසිතමි කිසිවිටෙක . . .

පෙම් කරමි
නුඹට
මලින් හැඩ වෙන
ඉඳ හිට . . .

කටු කම්බි
විසගෝරයින් වෙලාගත්
නුඹේ දිවිය
අමතක කර
සිනාසෙන නුඹට

Monday, October 3, 2011

වීදියක ඉකිබිඳුම . . .



මාවතක
හිරු ,
නඟින බසින
වෙනසක්
නොමදැනෙන . . .

රොස් පරොස් පමණි
තනියකට
ලඟ උන්න
වැටුනු වැටුනු තැනින්
හඩු ගඳ
උරුම වුණ . . .

මමත් පියෙකි
පුත ,
මහ මඟත් අහිමි වුණ
අසරණකමට උදැහනම
නුඹට අතපෑව . . .

Saturday, October 1, 2011

නඩුව . . .


෴෴෴෴


කිතුල ඉතිරෙන්න
තණකොළ
කපලා බහින ගමන
අතරමග
නුඹ
හරකට
ඇන්නාවේ නැතුවද
මට


෴෴෴෴

Friday, September 30, 2011

වන මැද . . .



තටු නොමේරුව
පැටවෙකි
දෙමාපිය රැකවරන
හොර හොරෙන්
මතක අතහරින
තැතදරන ඉගිලෙන්න
කිරිල්ලකට
මිතුරුව . . .

කටුව බිඳගෙන
ලොවට බට සැනෙකින්ම
හිත ඇදුන මුත්
තහනම්ය තවම
මෙ වන මැද
අතු අතර
රමනය
නුඹට . . .

ඇබින්දක්
ඉවසාපන් පැටව
කබරියකට
හසුවන්න මත්තෙන්
තලුමරා රසකර ගිලින
උණුසුම්ව තටු
දිගැරෙන තුරුවත්
මේ විසල් වන මැද
ඇත පිරිතිරී
බෝම වුණු විපරීත
මගහැර ඉගිලෙන්න . . .

Thursday, September 22, 2011

විඩාවුණු සිත . . .

හිතේ කරගැට
පිරී රලුවී
විඳපු දුක්
පැණි රසය වැඩිවී
එයත් තිත්තට
හැරී පෙරලී
දිවියේ රසයක්
නොදැනෙනා ලෙස
ඇයිද මෙලෙසින්
විඩාබර වී . . .

දුරු රටක හිඳ
තනිවු දිවියට
කොයිද පුත නුඹෙ
ලැබී සෙනෙහස
නුඹ නොමැති ලොව
කළු සුදුම මිස
වර්ණ නැත නුඹෙ
සිතුවමේ ලෙස . . .

දිනෙක වියපත්
මාව දුටු විට
හිතේ කරගැට
පිරිමදින්නට
හිඳී වී යැයි
මගේ තනියට
පමණි ලඟ මට
දිවි ගෙවන්නට . . .

පුතේ ඉඳපන්
එනතුරා මම
හරි විඩාවයි
දිවියේ මගෙ ලඟ . . .