සුදු පිරුවට ,
එළාලූ ඇඳ මත
පැල්ලමක් ගැන දොඩන
මිනිසුනේ අසනුමැන . . .
ජීවිතේ අභියසක ,
සුදුවන්ව තිබියයුතු
ගුණ සපිරි හදවතක්
නොසොයාම සොයන ඔය
පිරිසිදුවේ වග කුමට . . .
සිත් යහන්මත නිදිවැද , හොර හොරෙන් මිමිණූ සිතුවිලි ගොණුකොට කප්පරක් සෙනෙහසින් වදන් වැල් අමුණා සහෘද නුඹට.
ෆලෝ කරන්න
Tuesday, August 9, 2011
Monday, August 8, 2011
වාරය . . .
ඵල දැරුමට
නැතිය තව අවසර
එනමුදු ,
එළඹ ඇත කාලය
වෙරළු මල්
සුවඳ ඇරඹෙනා වාරය . . .
කුරුට්ටන් ,
සිත්හී අඹා යහමින්
නා නාවිද රූ කැටයම්
අත්කම් කරන්නට
පටන්ගෙන රහසේම
හැඳි වතවත් නොසිතාම
තවරගෙන සායම්
සිතුවම් කරමින් ,
සිතියම් . . .
Subscribe to:
Posts (Atom)