ෆලෝ කරන්න

Thursday, June 30, 2011

පමාව . . .


හිරු
ගිලෙනවා හැමදාම
යලි එන
. . . පොරොන්දුවපිට . . .
සඳු නැඟෙනවා
හොර හොරෙන් 
හැමදාට ඉන්න මෙන්
හිරු එනකන්ම විතරක්
. . . හෙට දවසට . . .
ඒත් 
අද නැත්නම් හෙට 
කවදද ඇත්තට එන්නේ
ඔය කියන දවස
. . . නුඹ ලඟ . . .

෴෴

Tuesday, June 28, 2011

නිවුණු . . .


වචන ගොන්නක්

අමෝරාගෙන
නුඹ ,
මා එනතුරු
රැකගෙන . . .


සුදු කොඩි එසවූ
වදන් සොයනා
මම ,
" නිවටද "
යුධ වදිණු නැතිවට . . .
----------------------------------  නිවුණු

Sunday, June 26, 2011

අකල . . .


බිරියද ,

යහපත්ය
කරක් උසට
දරුය
තැන්පත් අවදියක
හිත ,
වෙනතකය
සොයනා 
පහසක් තුළය
වියපත්ව 
ඇතත් අද
------------------------------
-- - අයෙක් -

Saturday, June 25, 2011

වැරැහැලි . . .





 සමච්චල් හිනාවක් ,

රන්දා මුව මතට
බැලුවා මදෙස
අනේ උඹේ වැරහැල්ල
කියා නොකියන විලස . . . .
පුංචි දැරිවියක් ලෙසින්
වියතක තරම ඇති
වස්ත්‍ර හැඳි ,
නෝනෙක් . . .

Thursday, June 23, 2011

විසිරුණු . . .


විටෙක ,

දැවී අවසන
දැල්වෙන එළි දිහා
ඇස් දල්වාන හිඳ
පවනට මුහුව
විසිරිලා යන
අළු බිඳක් ,
මම . . .

හිත . . .


අපි කවුරුත් මුලින්

මූඩියක් පෑගුනත්
හතරගාතෙන් . . .


ඒත් ,
හිත කෙලින් . . .


දැන් දැන් ,
කොයිතරම් බිව්වත්
අපි කෙලින් . . .


හිත ,
හතරගාතෙන් . . .

සාවියෙක් . . .

හමුවුණා මට,
කිරි පැණි අත තියන්
මඟ බලන හාවියෙක් 
දැන් දැන් එතැයි . . .


තවමත් නෑ
අවුදින් සඳ මතට
කිරි පැණි සොයා
නික්මුනාවූ
සාවෙක් . . .

Wednesday, June 22, 2011

පන්දම . . .




- පන්දම -

නුඹ 
පත්තු නොකොටම 
දී
ඇවිලපු
ගින්නක තරම


෴෴෴෴෴෴෴෴

බලා ඉමි . . .


෴෴෴

ඉවතලමි කඳුල
ඇහිපිය නොහෙලා
බලාන ඉමි
දෝවනය කර
පිළිගන්න
නුඹේ සිනාව
මවෙත තබායන

෴෴෴

Monday, June 20, 2011

සිපගතිමි . . .

අඩවන්ව ,
පියැවුණු දෙනෙත
කී කතාවට 
මත්ව . . .


නුඹ ලඟ
මා ද ,
එලෙසම . . .


සිහින් සිනිඳු පෙති
සොයා ,
වසාහල දෙනෙතින්ම 
සිපගනිමි . . .


රහසේම ,


නුඹට හොරා,
මම . . .
මට හොරා 
නුඹ . . .

Sunday, June 19, 2011

අයිතිය . . .

පුදසුන මත
සැතපුණු මල් 
කෙතරම්ද . . .
ඒත් ,
අයිතිකාර බව
කවදාක හෝ 
හිමිවුනිද පුදසුනට
එකඳු හෝ මලක . . .

Saturday, June 18, 2011

සිහින තාරකා . . .



සිහිනයක පෑයූ
සිහින තරුවක්
තාමත් මගේ ලඟ
නිදිමතේදෝ මුමුණමින්
මගේ හිත් කොනක
ලැගුම්ගෙන රිසිසේ
. . . ඇගේ වගේ . . .

- ඔවු ඇගේ -

෴෴෴෴෴෴

ගණුදෙණු . . .



අබැටක සිනාවක්
නොවූයෙන් මා ලඟක
දිනක ගෙවනා රිසින්
ණයට ගත් සිනා මල්
හකුලගෙන නැවත මං
කඳුළු පොලී එකතුකරන්
නික්ම යන්නම් ඉතින්
නැවත නො එනා රිසින්

෴෴෴෴෴

සල්ලාල . . .



- අහසේ -


අහසට උරුම
තරු ගොන්නටම
පෙම්බඳින
වළාකුළුත්
නැතුවාම නොවෙයි 
. . .නේද . . .


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

තනියට . . .


අමාවකටත් එහා

අඳුරයි මගේ අහසට
එපා එක තරුවක්
මගේ ලඟකටවත්
තනියට . . .
නෑවිදින් මා තනිකර
යන්න ගිහින් 
නුඹ ,
දුර ඈත . . . .
නැතිද නුඹලඟ
මතකයේ මාගැන
අමතන්න මා සිහිකර
එකම එක වරෙකට
මගේ ලඟ ,
තනියට . . .

Friday, June 17, 2011

පෑරෙන හිත් . . .



වචන ,
පාරන තරමක්
පහුරුගගා
මගේ හිත . . .


ඉඩ දෙනවා 
මම ,
නුඹ විඳින සතුටට
හැමදාම . . .

දැන දැනම . . .


ගවුගණන් දුර ඈත
දිලිහෙනා හඳක් ගැන
කප්පරක් හීන දැක
හිතේ බරට වෙලාවක
නොහිතෙනා යාමයක
කඩාවැටෙන බැව් දැනම
අතරමඟ දිවිගෙවන
තවත් එක තරුවක්
. . . . මම . . . .

෴෴෴෴෴෴෴෴෴෴෴

මම . . .


එකම එක මොහොතකට
එළිය වෙලා විහිදෙන්න
හැමදාම හීන දකින 
මම
 . . . අඳුර . . . 
෴෴෴෴෴෴෴෴෴

පියමනිමි . . .


මගේ වුණු

හීනයක ,
දිලිහෙන්න
හොර හොරෙන් පෑයූ
නුඹ ,
තාරකාව . . .
දුන් සිනා මතකයේ
දවටා තුරුළුකර
හැමට හොරා හැංගිලා
ඉකිබිඳිනයුරු සොවින්
හැඟෙන සිත හකුලගෙන
වියැකෙන්න මඟ සොයමි
නුඹ හා පියමැන්න
ඒ මතක මාවතේම . . .

නුඹෙන් නික්මෙමි . . .


නුඹේ දෙතොලඟ ,
සිනහවක්වී ඉපිද
හැමදාට රැඳෙන්නට
පුල පුලා බලාහිඳ 
නිදිවැදගනු නොහී
නුඹේ හිත තුළ
ගොම්මනට පෙරාතුව
නික්ම යමි නුඹගෙන්ම 
අතීතයක වත්මන
සොරාගෙන නුඹව
බලාහුන් මදෙසවත්
නිකමටවත් නොබලාම
නික්මුනා ඈතකට
ඉගිලගිය හිත මෙන්ම
පරාජිත සුසුමින්
දොවාගෙන මතකයම

෴෴෴෴෴෴෴෴෴

Thursday, June 16, 2011

අපි . . .


" නුඹ , 

දැන දැනම
සැබෑ නොවෙනා වග
සිහිනය . . . "


සොය සොයා ,
ලඟ රැඳෙන . . .


" නුඹ ,
දැන දැනම
ලඟා නොවෙනා බැව්
සිතිජය . . . "


නැගෙන රළටම ,
පනිවුඩ කියා
පාකරන . . .


" මම ,
නුඹ දෙස බලා
ලංවනු නොහී
හැමදාමත් ඉකිබිඳින
නුඹේ ප්‍රේමය . . . "


රඳවමි , 
මතුදිනකට
බලාපොරොත්තුව
නුඹට , මට
ගැටගහගන්න . . .
 - පනනළ -

තනිකඩට අතවනා . . .


ලියමි පත් ඉරු පුරා

නුඹේ නම
මුතු අකුරින් 
වැලට අමුණා 


.*.*.*.*.*.*.*.*.*.*._


පැබැඳි කවි 
රසකර ගයා
හඬගසමි නුඹට
දිව එන්නකියා


.*.*.*.*.*.*.*.*.*.*._


තනිකඩට අතවනා
සමුදෙමුද අප
එක්ව පැටලුනු දෙසිත්
තුරුලේ හොවා

Wednesday, June 15, 2011

එන්න හනික . . .


වැස්සක් නැතත්

පුරුද්දට වගේ
අදත් ,
නිලඹරම කළුවෙලා . . .

නුඹ ,
එනවද හනික
සුළං රොදක පාවෙලා . . .

Tuesday, June 14, 2011

සිහිනෙන් . . .


ඝණඳුරට ,

නිති පෙම් බඳිමි
රැය පුරාවට . . .


ඉහිලුම් නොදෙන
හැඟුම් පොකුරු මල්
අතුරාලූ යහන් මත
සැතපෙමි . . .


නුඹේ උයනත ,
කුසුමන් අතර
හිස හොවාගෙන
නැහැපුඩු වෙලාගත්
සුවඳින් ,
මන්මත්වෙමි . . .


රැය ,
පහන් කරමි
සිහිනෙන් මෙලෙසින්ම. . . 

Monday, June 13, 2011

නොසඟවන්න . . .


‎" ඉකිබිඳිමි ,

රහසේම සඟවගෙන
හැමදාම . . . "

නොසිතන්න එලෙසින්ම
හිඳිමි මම
නුඹ ලඟම . . .

නොසඟවා පවසන්න
එක්වී වැලපෙන්න
මාත් එක්කම . . .

මමත් නුඹත් . . .

අහවර කරමු
වැලපී දෙදෙනාම
සිනා මල් කැකුළු
මඟ බලන් ,
ජීවිතේ දොරකඩ
එනතුරුම . . .

හිනැහෙන්න ,
පිළිගන්න . . .

Sunday, June 12, 2011

කාලය . . .


එදා ,

මගේ දොරකඩ සිඟාලූ  
නුඹේ ,
දොරකඩට විත්
අද මම සිඟනවා . . .

Saturday, June 11, 2011

හීනය . . .


හීනය ,

මගේ ලඟ . . .

නින්දෙදි ,
ලඟට එන
විතරක්ම නොවන
මා එක්ක ,
ජීවත්වෙන
හැමදාට . . .

අස්වැන්න . . .


මහ මූකලාන
 
එළි පෙහෙලි කරලා
මම ,
අස්වැද්දුවේ
අපි දෙන්නගේම ජීවිත . . .
ඒත් ඔයා ,
අස්වනු නෙලන්න
ගිහින් අඳේට
තියෙද්දි නුඹේම බිම . . .

Friday, June 10, 2011

නුඹට හොරා . . .


නුඹ
ඉකිබිඳින අඳුරේ
නොපෙනුනත්
කන් දෙන්න
තවත් එක් ස්වරයක
ඉකිබිඳුම
. . . රහසේ . . .

෴෴෴෴෴

මගේ කඳුළු . . .


නුඹේ ඔය
කඳුළු පල්ලා
ඔව් ,
මම දුර ඇදුනා
ගොනුකරන් තෙරපගෙන
හුන් මගේ හැම හඳුලක්ම
රැගෙන දුර ඈතකට
නැතිනම් ඔය
නුඹේ ඉකිය ,
ඉඩතිබුණා නේද
තවත් දළුලන්න . . .

දඩයම් . . .


කොට කොටා
මොටවුණු අවි ,
අදටත් දරාන බඹු . . .
ලණු ලිහිල්වුණු ,
දුනු දරාන
මල්සර නුඹත් . . .
තාමත් මිනිසුන් පසුපස
දඩයමේ  . . .

හැංගුනු . . .

අඬනකොට
උපරිමයෙන් අඬනවා
හැංගිලා . . .
හිනාවෙනකොටත්
උපරිමයෙන් ,
ඒත් ,
හැංගිලා
එළිපිට . . . ?

ඇඬෙනවා . . .


අනේ මම
දන්න ශිල්ප
සේරම දාල
ගලපලා
හිනස්සන්න හිතාන
කිව්වා හොඳ
සිඳුවක් . . .
හිතුවෙ නෑ
මම ,
ඒකටත් උඹ
කියාවියි ,
" ඇඬෙනවා මචෝ . . . "

හේතුව . . .


ලංවන සිනහවට
ඔය තරමටම
ගැරහුම් ,
අනේ ඇයි . . .
සඟවමින්
ඔය තරම්
ආදරේ බැව්
කඳුලකට
මෙතරම් . . .

තනිරැකුම . . .


ලොවම නිදන
නිහඬ මැදියම
අවදියෙන් . . .
මගේ තනියට
අවදිකරගෙන
තනිකමද ,
තනියට . .

රැකවරනය . . .


මම දන්නවා ,
දඟ කරන හුළඟට බැරිවුනා
නිවා නික්මයන්නට
බලාපොරොත්තු ගොන්නකට
හාදකම්කී . . .
සිතුවිලි ගොන්නක පහසින්
දැල්වී ලෙලදුන්නු
පහන්සිල ,

යුතුකමද . . .


මං . . .
අහං ඉන්නකොට
හැමෝම කියෙව්වා . . .
මම ,
කියවන්න හදනකොට . . . ?

අන්සතු . . .


නුඹේ පියවර ,
හරිම ලස්සනට
වැල්ල මත
රැල්ල ,
එනකන්ම විතරක් . . .

අන්ද . . .

අකීකරු ඇස් ,
මං දිහා
බලන් ඉන්න ඇති
ඒත් ,
සමාවෙන්න නොදැක්කට
ඇරගෙන හිටියට
අඳ මගේ ඇස්   . . . .

රූකඩය . . .


නුඹ පණ දුන්නු
රූකඩයේ . . .
නූල් ,
නුඹම ,
කපලා දාලා . . .

ගුණ අගුණ . . .

උඹට වැරදිලා . . .
උඹ මරල දාපු ,
උඹේ ඇතුලාන්තය
වලදාලා . . .
උඹව හැමදාම
රජ පුටුවෙ තියාන
ගුණ වයන්න පුළුවන්
වන්දිබට්ටයෙක් නෙවී ,
මම . . .

මාරුව . . .


මට දැනුනා . . .
උඹ ,
ගොඩවෙනවා දොරකඩින්
උඹට කලින් ,
මම හනික රිංගුවා
පෑල දොරින්
නොදන්නවා වගේ හිටියට
මම දන්නවා
උඹ ,
ඒ විත්තිය
දන්නවග . . .

ගුණ . . .


ජීවත්වෙද්දි . . .
මූණ නොබලපු උන්
මගේ මරණෙදි
පාරදිගේ දිගට
කොඩි අදිනවා
ගුණ කිය කිය . . .

හැඟීම් . . .


සමහරුන්ට ,
හැඟීම් . . .
යි
යෙ
න් 
කෑ
යවන ,
හචිමක් වගේ . . .
එළියට දැම්මම
පුදුම සහනයක්ලු දැනෙන්නේ
වගක්වත් නෑ ,
ඊටපස්සේ . . .

දෙතැන . . .


නුඹ . . .
පාවෙන ඉපිලෙන ,
ජීවිතයක් ඇදෙන
සයුරු තෙරක මානයක . . .
තවම මම පාරුවක ,
හබල අහිමිව තොටුපලක
හබල හමුවුනු විගසක
ඇදෙන්නම් දිනක . . .
නොමියෙනා සසරක ,
නුඹ රැඳුනු , 
අසලකට . 

වෑයම . . .


හිතුනා ටිකකට ,
මෙතනින් මිදිලා බලන්න
හැමදාමත් ආදරේ නිසා
පුරුදු දඟකාර
තනිකමට . . .

ආත්මාර්ථකාමී . . .


හඳට , 
දඬුවම් . . .
දවාලම තහනම්
හිනැහී තරු එක්ක
රෑ කළ වැරැද්දට
ඒකාදිපති හිරුගෙන් . . .
හඳට පෙම්බැඳ
රැයෙහි මුකුලිත
මලක පහසට
ලංවනු නොහැකිව
තැටමූ සමනළ ,
කේලමක් නිසාවෙන් . . .

උරුමය . . .


මපොළවේ . . .
හතර රියනවත් ,
උරුම නැති මිනිස්සු
අවසානයක් ගැන
ඉස්තරම් හීන දකිනවා 
බදාගෙන . . .

කජු මාලුව . . .


අස්වැන්න වැඩිවෙන්න ,
ලස්සනට පේන්න ,
හොඳ යහමින් දාපු
ග්‍රීන් පීස් එක්ක හැපෙන
චූටි චූටු කෑලි . . .

මම . . .


ගවු ගණන්දුර ඈත
දිලිහෙනා හඳක් ගැන
කප්පරක් හීන දැක
හිතේබරට වෙලාවක
නොහිතෙනා යාමයක
කඩාවැටෙන බැව් දැනම
අතරමඟ දිවිගෙවන
තවත් එක් තරුවක්

නුඹ සහ මම . . .


නුඹ ,
පූජාසනය . . .
පැතුම් ගොන්නක් 
නුඹ ලඟ තියලා
ඔහේ බලාන ඉඳලා
පැතුම් ගොන්නක්
ආයෙමත් කරපින්නගෙන
ආපයින්ම පියමනින
තවත් එක් ,
බක්තිවන්තයෙක්
මම . . .

ඇබින්දකට . . .


හ්ම්ම්ම්ම් . . .

මම දන්නවා
උඹේ ඔය
හැංගිමුත්තං 
හිනාවක් මා ලඟ ,
දැවටෙන්න දැවටෙන්න
පටන්ගන්නකන්ම විතරයි . . . .

ආයෙමත් උඹ
එළි බහිනවා අපූරුවට
හැමදේම උදුරගෙන
හිනාවෙවී බලන් ඉන්න
උඹ ,

තනිකම . . .

කිරිල්ලිය . . .

තටු සිඳුණු
කිරිල්ලිය නුඹ ,
හැඩයි පියඹනයුරු 
සිසාරා අහස්කුස . . .
මා තෑගි කළ
පියපතින් හැඩ . . .


පියාඹා . . . 
සිසාරා . . .
සොයාපන් ලෝකයක් ,
ලියැවුණු නුඹ නම
සදහටම  . . .


නුඹ එතයි යළි
හිඳින්නම් මම , 
මඟබලාගෙන සිහිනයෙන්වත් . . .


ගත පරයාන 
වත්තම් කරගත්
නුඹට සින්නවුණු 
සිත එක්ක


හැමදාටම . . .