සාගරයට සහ ආදරයට
දෙකටම පොදුයි
එකපාරට එන
තද ගොරෝසු
රැල්ල . . .
ඒ අතර ,
නිහඩබව
විටෙක ඔච්චමක්
තවත් විටෙක තරවටුවක්
ඒත් බොහෝ විට
නො තේ රෙ න ම හැගීමක්
රළ බිදෙන වෙරළකට
හුරුයි දැං ඒක
ආසම මම
හැමදේටම වැඩිය
බිදෙන තැනටයි
රළ
පේනවට වඩා
ගුප්තයි එතන . . .
No comments:
Post a Comment
ඔබේ අදහස් දිරියක් මට .