ෆලෝ කරන්න

Saturday, April 6, 2019

ජීවිත . . .



කපුටු බෝ රුක මුල
පාරමී පුරා අහවරව
වීදියේ කෙලවරට
මදක් ඔබ්බෙන්
වක ගැසුණු තුනටිය
යාන්තමට දිගහැර

සල්ලි කොල අතර
කාසිත් රැදුණු ඉටි මල්ල
දිගහරින ' සුපර්ණා '

ඉදහිට මග යනෙන
හසුවන වපර ඇස් වලට
කාසි කොල මිස හිතක
වෙන කිසිත් නොදැක්කා

ඇස් අගට තිබුණු
අලුත් උණු කදුලු කැට
දවසේම තත්පරත්
අඩුවෙන්ම ගැන්නා

තිස්අටේ කොට කොටා
ගියමුත්  විගසකට
අපේක්ෂාවෙන් ඈතකට
ඔහු නික්ම තිබුණා

සොවින් ඉතිරුණු හිතත්
වාරුකර බැරිතැනම
මුවින් ගොලු පීලි මත
ඈ වැතිර තිබුණා

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .