ෆලෝ කරන්න

Thursday, September 22, 2011

විඩාවුණු සිත . . .

හිතේ කරගැට
පිරී රලුවී
විඳපු දුක්
පැණි රසය වැඩිවී
එයත් තිත්තට
හැරී පෙරලී
දිවියේ රසයක්
නොදැනෙනා ලෙස
ඇයිද මෙලෙසින්
විඩාබර වී . . .

දුරු රටක හිඳ
තනිවු දිවියට
කොයිද පුත නුඹෙ
ලැබී සෙනෙහස
නුඹ නොමැති ලොව
කළු සුදුම මිස
වර්ණ නැත නුඹෙ
සිතුවමේ ලෙස . . .

දිනෙක වියපත්
මාව දුටු විට
හිතේ කරගැට
පිරිමදින්නට
හිඳී වී යැයි
මගේ තනියට
පමණි ලඟ මට
දිවි ගෙවන්නට . . .

පුතේ ඉඳපන්
එනතුරා මම
හරි විඩාවයි
දිවියේ මගෙ ලඟ . . .

7 comments:

  1. මේ අකුරු වටේට හයිලයිට් වෙන එක අයින් කරගන්න විදියක් දන්න කෙනෙක් කියන්නකෝ . . . :(

    ReplyDelete
  2. ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete
  3. ආයෙමත් ටෙක්ස්ට් හයිලයිට් කරගන්න ඕනේ නම් මෙන්න මේ ටියුට් එක බලන්න

    ReplyDelete
  4. මම ට්‍රයි කළා . ඒක වැඩ නෑ මට . . . :(

    ReplyDelete
  5. ජීවිතේ කරගැට
    සෙනෙහෙ සිත අතරමග
    එන්නට සිතන් සිත
    තවමත් ඇත එතැන්හිම..

    ලස්සනයි යාළුවා

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .