ෆලෝ කරන්න

Monday, October 10, 2011

පුතු . . .





හතර රියනක්
මොකටැ මයෙ පුත
නුඹේ වත
සඟවන්න පොළෝමත
වැසි බිඳක්
නොවැටුනු අහස් ගැබ
කුමටොදෝ 
කඳුලැලි වැටෙන විට
නුඹට දෙන්නට
දෙතනේ කිරිටික
හිඳිලා නොවැ
පවුකාර දිවියට
දෛවයෙන්
සරදම් සිනාදෝ
වැලලෙන පුතුටත්
හෙලූයේ අවසන

______

11 comments:

  1. ඉපදෙන්න එපා නුඹ ආයෙමත්
    කඳුළක් වැටුනත් නෙතගින්
    බිමට වැටෙන්නට මත්තෙන්
    වියළියන කර්කෂ පොලොවක
    මගේ පුතේ කවදාවත්ම...

    ReplyDelete
  2. හ්ම්ම්ම්..
    කුරිරු ලොව මියගියත්
    මගේ පුත නුඹ අද,
    ඉපදියන් මල් පිපෙන
    සරුසාර දිනයක,.

    ReplyDelete
  3. බොහොම ස්තූතියි මේ පැත්තට ගොඩවුණාට . ලස්සනයි කමෙන්ටුව . . .

    ReplyDelete
  4. සාප නොකරනු පුත
    අම්මාට එනමුත්
    යුදෙන් ලොව නසන්නට
    කොටි ප්‍රකොටියෙන්
    වැයකරන උන්හට
    සාපය හරවාපන්..

    ReplyDelete
  5. ඇත්ත , බොහොම ස්තූතියි සරත් . . . :)

    ReplyDelete
  6. අම්මට හුඩූ... පපුව හිල් උනා මේකටනම් හොදේ... කියල වැඩක නෑ...

    ReplyDelete
  7. බොහොම පිං කිව්වා මේ පැත්තට ගොඩවුණාට පොඩි මෑන් . . . :)

    ReplyDelete
  8. මොහොතකට හුස්ම ගන්න අමතක වුවා සේ හැඟුණා , දෙනතම කඳුලැලින් පිරුණා. හරිම සංවේදී . . . .

    ReplyDelete
  9. හ්ම්ම්ම්ම් . ස්තූතියි බොහොමත්ම දිරි දුන්නු හැම වචනෙකටම . . .

    ReplyDelete
  10. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .