දුමාරයක් හිත වටකළා
හීතලේ කෑගසා නොහඬා
ඉකිගසා හොරෙන් හැඬුවා
දුමාරයේ සැඟවී තනිවුණා
වළාකුලක් නැති හිස් අවකාශේ
අකුණක් ගැහුවා දෙදරා ඒ සිත් අහසේ
කෑගසා හඬන දෙනුවන් බොරවී
ඉකිගසන හඬ සඟවා තනිවුණා
මූසලම රැයක නුඹ ඒ ගිය දිනය
මකාදැමුවා දස අත රැඳුණු මතක
පියුමන් විකසිත නොවන මල්විලක
සැඟවුවා මසිත ඒ දිය ගැඹුරේම
නොනිදා පහන් වන රැයක
පාවෙලා සොයා යන අරුත
දුමාරයේ සැඟවී කොහෙද
පාවෙලා ඈතට ගියා
No comments:
Post a Comment
ඔබේ අදහස් දිරියක් මට .