ෆලෝ කරන්න

Tuesday, October 4, 2011

තනිකඩයි තවමත්ම . . .



සඳ , තරු , හිරු
පෙම් කළද
උණුන්ට
තනිකඩයි අහස
තවමත්ම . . .


නිමේශයක සතුට
තියේනම්
හැම තත්පරයකම
නොවෙනස්ව ,
අපූරුයි නේද . . .


අහස දිහාවට
ඇස් තියාගෙන
මෙහෙම අහනකොට
මම හැමදාම


" එළිවෙන්න ලගයි දැං "


මිමිණුවා අහස ,
අහිංසක ලෙස . . .


හෙටත් මම ඇවිත්
අහන බව 
දැන දැනම . . .

4 comments:

  1. දහසක් නෙතු
    අහස දෙස බලාගෙන
    කීවත් ලීවත්
    දහසකුත් පෙම් කවි
    තනිකඩය තවම අහස....

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .