ෆලෝ කරන්න

Monday, July 4, 2011

එක ගෙයි . . .


අයියන්ඩියේ ,

මගේ පමාවෙන්
නුඹේ ලේන්සුව
හැමදාමත්
දොරේ එල්ලිලා . . .

පිලේ පැදුර
සින්නකරල මට
හීතලේම නිදියන්න . . .



19 comments:

  1. මේක එකගෙයි කෑමක් වගේ. වේලපහ එන්න එපැයි !!!!

    ReplyDelete
  2. මම කියෙව්වා කියෙව්වා
    ඔබ ලියපු කවි
    බොහොමයක් මම
    කියෙව්වා
    කියෙව්වා නම්
    කෝ ඔබේ අදහස්
    දැන් ඔබ මගෙන් අසාවි
    පිළිතුරක් නැහැ දෙන්න
    ඒ ඔබේ පද වැල් වල
    අඩුවක් නිසා නොව
    ඔබේ හැකියාව අගය කිරිමට
    මට ඇති නොහැකියාව
    පමණක් බව
    කරුණාවෙන් සළකන්න..

    ReplyDelete
  3. @ මධුරංග : හෙහ් හේ . . . දැන් නම් වැඩිය මේ වැඩේ කෙරෙන්නේ නෑ . ඒත් සමහර පැතිවල අදටත් මේ එකගෙයි කෑම වෙනවා . පරක්කු වුණොත් සුං . . . :P දොර දිහා බලං හූල්ලන්න තමයි වෙන්නේ . :D ස්තූතියි ඔයාට . . :)

    ReplyDelete
  4. @ චතුමිතු : ස්තූතියි බොහොමත්ම . . . :)
    මා වෙනුවෙන් එකම අකුරක්හෝ ගලපන ඔබ හැමම මට ඉහටත් උඩින් . ස්තූතියි ඔබට නැවතත් . . .:)

    ReplyDelete
  5. අයියෝ අනිත් දවසෙවත් කලින් එන්න නැත්නම් ඉතින් හැමදාම පිල්කඩේ තමයි නිදියන්න වෙන්නේ . . . . :P

    ReplyDelete
  6. හ්ම්ම් හ්ම්ම්ම් , රැකගෙන ඉදලා හරි මේ පාරනම් ඇතුලේ . . . :P
    ස්තූතියි සිතූ ඔයාටත් .

    ReplyDelete
  7. ඉක්මන් කොටයි කියන ඒක වැරදියි වගෙයි බලන් යනකොට :P

    ReplyDelete
  8. @ ChammA : එහෙමත් වෙලාවක , එහෙමත් හිතෙනවා තමයි නේ . . .:D ස්තූතියි . . .:)

    ReplyDelete
  9. පිලේ නිදියන්න කලින් පොඩී පීප් පාරක් දැම්මනම් හීතලවත් නැතිකරගන්න තිබුනා :P

    ReplyDelete
  10. @ පොඩි මෑන් : අනේ පොඩි එකෝ . . .:P
    මොනවා උනත් ස්තූතියි මේ පැත්තට ගොඩවැදුනට , පොඩි මෑන්ට වගේම මේ හැමෝටම . . . :)

    ReplyDelete
  11. රැය සීතල විදින් දරා,
    දවල් කළේ හිදින් පුරා,

    ReplyDelete
  12. එක ගෙයි කෑම අද කෙරෙන දෙයක් නෙවේ නෙ .... ! හැබැයි ඕකටත් චාරිත්තර තිබ්බා.....

    කියන තරම් නරක දෙයක් නෙවේ නෙ ඔය එක ගෙයි කෑම කියන්නෙ

    ReplyDelete
  13. @ නරක සමනලයා : ස්තූතියි සමනලයෝ . . .:)

    @ sameera : අනිවාර්යෙන්ම චාරිත්ත්‍රත් එක්ක බැදුනු දෙයක් තමා සමීර . එකගෙයි කෑම ගොඩාක්ම පැවතියේ සහෝදරයන් අතර එකල පැවති එකමුතුව සහයෝගිතාව එක්ක බැදුණු මනුස්සකමත් එක්ක . අද නම් ඉතින් එකට ඉන්න තියා දුරස්ව ඉන්නත් බැරි තරමට සහෝදරකම් පිරිහිලා කියන එක නම් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි නේ . ඒත් ඉතින් මේ එකගෙයි කෑම ගැහැණියට කෙතරම් සාධාරණද යන්න නම් ගැටළු සහගතයි නේද . . .
    ස්තූතියි සමීර . . . :)

    ReplyDelete
  14. හිතේ හැගුම් තද කරන්
    හිදින්නම් පිල ලගට වී ඉතින්
    නුඹ අපෙයි කියා ඉතින්
    ගේ දොර නෑර හිදින්නම්...

    ReplyDelete
  15. @ Dinesh : හ්ම්ම්ම් . . . ස්තූතියි දිනේශ් . . .

    ReplyDelete
  16. එක ගෙයි කෑම කියන චාරිත්‍රය තිබුනෙ උඩරට රදල නොවන ජනතාව අතර. සීමිත ඉඩම් ප්‍රමාණය බෙදී යෑම වැළැක්වීම තමයි එහි ප්‍රධාන ම අරමුණ වෙලා තිබුනෙ.
    මේ පිළිබඳ හොඳ ලිපි කිහිපයක් ම පළ වුනා මුහුණු පොතේ. නැවත සොයා බළල ඒවයේ ලින්ක් ටිකක් දාන්නම්..

    ReplyDelete
  17. @ Indranatha Thenuwara : බොහොමත්ම ස්තූතියි ඔබතුමාට .

    ReplyDelete
  18. කුසේ උපන් අයියන්ඩී කෙරෑ සැටී.......
    ගසේ සිටිත්දී වැල් පොට කපා බසී....
    බබරැ සියදහස් මගෙ ලේ උරා බොතී...
    පලයන් අයියන්ඩි මම එන ගමක් නැතී...

    ReplyDelete
  19. @ කසුන් : ම්ම්ම්ම්ම් , බඹර කැපිල්ල . . .:D

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .