කසල ගොඩ
වටේ පිරුණු
කපුටු රැලගේ
කරව් හඬට
නිකමට ,
අඩියට දෙකට
ලංවන විට
දැණුනු ,
කිරිකැටි සුවඳට . . .
පිරිලා ඉතිරිලා
දැණුනු හැඟුමට
දිටින් ,
රෙදි කඩින් එතුනු
අහිංසක ,
බිළිඳු රුව . . .
සොයමි ,
තෝරමි ලහි ලහියේ
හැඟුම් . . .
සාප දෙන්නද
වැදූ එකාලට
නුඹ මෙහි දමා
අතැර ගිය පව්කාර . . .
නැහැ ,
ඉගෙනගන් පුතේ
නුඹවත්
නොකරන්න කිසි දිනෙක
මෙලෙසකින් කිසිවිටෙක
ඉගෙන ගන්නට
නුඹෙන් පාඩම්
වැදූ මව්පියනට
මෙළොව . . .
ළමයින්ව මෙහෙම කුණු ගොඩවල් වල දාලා යන අම්මලා ගැන නම් කතා කරලා වැඩක් නෑ. නමුත් ඉතින් ඒගොල්ලන්ටම විතරක් බැනලා වැඩක් නෑ. දරුවෙක් උපදින්නේ ඒ අම්මගෙම වරදින් විතරක් යෑ.
ReplyDelete@ මධුරංග : ඒක ඇත්ත . . කවුරු කවුරුත් කල්පනා කරන්න ඕන දෙයක් . බොහොමත්ම ස්තූතියි ගොඩවුණාට මේ පැත්තට .
ReplyDeleteසියලු දේටම වඩා සල්ලි පෙරමගට ඇවිත් මනුස්ස ජීවිතවල වටිනාකම් නැතිවෙලා.
ReplyDelete@ සරත් ලංකාප්‍රිය : ඒක නම් හැබෑව . . .
ReplyDeleteකාන්තාවට පමනක් මෙතනදි දොස් කියන්න බැහැ. අප සමාජයේ සියලුම දෙනා මිට වගකිවයුතුයි කියලා මගේනම් අදහස ..
ReplyDelete@ සිතුමි ප්‍රියංගා : ඒක ඇත්ත සිතූ . . . මට හිතෙන විදියට මම මෙතන ලොකු වරදක් කරලා තියෙනවා . මොකද , මගේ නොදැනුවත්කම නිසාවෙන් මෙතන වරද මම ගැහැණියගේ පැත්තට පමණක් බරකර ලියලා කියන දේයි මතුවෙලා තියෙන්නේ . මම හිතන්නේ ඒ " වැදූ එකාලට " කියන වචනය නිසා . " වැදූ එකාලා " කියන වචනයෙන් මම හිතුවා දෙපාර්ශවයම ඉස්මතුවෙනවා කියලා . අනිවාර්යෙන්ම දරුවන් මෙලෙස අතරමන් කිරීම ගැන ගැහැණිය මෙන්ම පිරිමියාද එකසේම වගකිවයුතුයි .
ReplyDelete