ෆලෝ කරන්න

Thursday, July 7, 2011

වැල්ල . . .



පිය සටහනක්වත්
නොවැදුණු ගානට
රැල්ල ඇවිත්
වැල්ල සකසලා
. . . සුසිනිඳුවට . . .

කොහෙන්දෝ ඇවිත්
හාංකවිසියක් නැතුව
ආයෙමත් පය ගහලා
අවුල් කරන වැල්ල ගැන
රැල්ලට ,
කිසිම ගානක් නැතුව ඇත්ද
. . . දැණුනු . . .

෴෴෴

4 comments:

  1. කොයිතරම් ඇවිත්
    පාරවා රිදවා ගියද
    එකම එක රැල්ලක් ඇවිත්
    මකාවි ඒ මතක
    මිහිරියැයි හිතාගෙන...

    ReplyDelete
  2. @ Dinesh : කෙතරම් අමිහිරි මතකයක් වුණත් අපි කාලයත් එක්ක ඒ අමිහිරි මතකයත් සිහිකරලා ලබන්නේ සියුම් වින්දනයක් කියලයි මට නම් හිතෙන්නේ . සමහර විටක අපිට එහෙව් වගක්වත් නොදැනෙනවා වෙන්න ඇති . ස්තූතියි දිනේශ් . අපූරුයි පැබැඳුම . . . :)

    ReplyDelete
  3. අප තමන පියසටහන්
    මැකී නොගියොත් එසේ
    ඉඩ නොමැත අන් අයට
    තියන්නට පා ලකුණු

    ReplyDelete
  4. @ සරත් ලංකාප්‍රිය :

    පෙනෙන්නට නැත
    ඇදී ආ රළ
    මැකූ පිය සටහන්
    වැල්ලේ

    නොමැකෙනා ලෙස
    මැකූ සටහන්
    සිතේ තවමත්
    පතුලේ

    නේද . . .?

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .