තුඩ ,
මොට්ට පැන්සල
ගැලපුවා පද
අපූරුවට
ගානක්වත් නැතුව . . .
ඊයේ මම ,
මොට්ට වෙච්ච
පැන්සල ,
උල්කරා තුඩ
සිහින්වෙන තරමට
හොඳට . . .
තව තව ,
ලියන්න හිතාගෙන
හොඳට . . .
දැං දැං ,
කොයි තරං මොනවා හිතුනත්
ලියවෙන්නෙම නැති හැටියක් ,
හරියට . . .
හිතද ,
නුහුරද . . .
෴
තියුණු හදකට
ReplyDeleteනුහුරු නැත පද
ඒ නිසා හනි හනික
අකුරු ගෙත්තම් කරන්...
@ කඩේ හාමිනේ :
ReplyDeleteනුඹේ වදනට
පිටුනොපා වෙද
මෙලෙස පබඳා
දිගහරිනුයේ . . .
බොහොමත්ම ස්තූතියි . . .:)
ලියන කවි පද
ReplyDeleteතියුණු වේ නම්
කැඩුනත් මොකද
පන්සලේ තුඩ ?
@ සරත් ලංකාප්‍රිය : අනිවාර්යෙන්ම . . .:D
ReplyDelete