මයේ පුතේ ,
කාරි නෑ
ආවා නොවැ දිනෙක
පහුගිය දෝහේ
ඇති නොවැ එමට
රාජකාරිත් පිරුණු . . .
බඩ කට පිරෙන්න
හරි රස කැම
පිරිලා යනවා මුළු හිතම
සුවඳට . . .
හිරවෙනවත් වෙලාවකට
සිහියක් නැතුව කනකොට
අතින් අනලා
කවන කටකට වඩා
රහයි උණු උණුවේ
හැන්දෙන් කනකොට
කඳුළුත් එනවා වෙලාවකට . . .
ඔව් පුතේ
අරුමෝසම් එමටයි
රූප පෙට්ටිය දාගත්තම
හරි පංකාදුයි
අපේ කට්ටියත් සතුටින්
හිනැහුණු ගමන්මයි
හැමදාම මෙතන
කඳුළුත් එනවා වෙලාවකට . . .
යාළුවොත් ගොඩයි
මේ නාකි මට
පවුලේ උන් වගේ
මේ වහලේ යට . . .
වෙලාවක ,
මුණුබුරොත් එක්කරන්
වරෙන් ඇවිත් යන්න
උන් දැං ලොකුද
ඩිංගිත්තක් බලාගන්න
එච්චරයි මතකයට
එන්නේ නැත්තේ හරියකට
අනිත් හැමදේම නම්
මතකයේ නිමක් නෑ
නාකිවෙලත් බලාපංකො
මතකය ,
නේද මයෙ පුතේ . . .
පුළුවං නං උඹේ ඔය
සෙකට්‍රි නෝනට ,
මතක ඇති තැනක
තියන්න කියාපං
වැඩ රාජකාරිත් ඇතිනේ
ඒ අස්සේ මේවා කියවන්නේ කොයිද
මම දන්නේ නැතුවෑ මයේ පුතේ
නිවීහැනහිල්ලේ එපෑ කියවන්න
රත්නත්තරේ පිහිටයි
මයේ පුතේ උඹට . . .
කතා කල යුතු
ReplyDeleteලොවම කලඹන
සෙනෙහෙ බිලිගත්
නිමිත්තක්
කරුණු කොට
මානාවට ඔබ
ගෙත්තම් කර
ඇති හැඩයි...
මා පිය සෙනෙහස
අමතක වු
දූ පුතුනට
හිතන්නට යමක්
ඉතිරි කර
යන නුබට
තුරුණුවනේම
සරණයි...
@ අසනි : බොහොමත්ම ස්තූතියි . . .
ReplyDeleteනියමයි....ඒ තරමටම හිතට වදිනවා
ReplyDelete@ මකුළුවා : බොහොමත්ම ස්තූතියි . . .
ReplyDeleteපට්ටා පට්ටා :) නියමයි..බර වචන නැති නිසා මරු
ReplyDelete@ රත්ගමයා : බොහෝම ස්තූතියි මලයා . . .
ReplyDeleteහිතට වදින්නම ලියලා තියෙනවා. ලස්සන ලියමනක්.
ReplyDeleteසිරාවටම පට්ටයි...ඇගට වදින්නම ලියලා තියෙනවා
ReplyDelete@ මධුරංග & ChammA : බොහොමත්ම ස්තූතියි හැමදාමත් වගේ බ්ලොගයට ගොඩවැදිලා මට දිරියක් වෙන්න වචනයක් හරි අමුනන ඔයාල හැමෝටම .
ReplyDeleteඅම්මා කෙනෙකුගේ සෙනෙහස මනාව පෙන්නුම් කරනවා.ඇත්තෙන්ම මේක කියවගේන යනවිට මගේ දැසට කඳුලු පිරුණා කිවෝත් නිවැරදි. ලස්සනට ගලපලා තියෙනවා.
ReplyDelete@ සිතුමි ප්‍රියංගා : බොහොමත්ම ස්තූතියි සිතූ . . .:)
ReplyDelete