ෆලෝ කරන්න

Sunday, July 3, 2011

පෙම . . .



සිරගෙයක් වුණු

මගේ පෙම . . .

නුඹට . . .

ලිහිල් කරනෙමි ,
මිදී සැනහී
ඉපිලයන්නට . . .

නුඹේ දිවි ,
වීනාව වයනට
සුසර කරනෙමි
තත් එකින් එක . . .

6 comments:

  1. අගුළු දමා ඇති මගෙ හිත
    ලිහිල් කර නුඹට දුන් විට
    ඇවිත් ලැගුම් ගෙන
    යන්න එපා මටත් රහසේම
    හදේ දොරගුළු නුඹට
    විවර හින්දම...

    ReplyDelete
  2. @ දිනේශ් :

    සිත් අගුළු හැරලා
    ඉඩදුන් මුත් ලැගුම් ගන්නට
    ඇයට මා විවරකළ පෙම
    සිරගෙයක් යැයි
    කියයි නම් ඇය
    කුමක් කරනුව
    යන්න ඉඩදී
    බලා ඉනුමිස . . .

    නේද . . ?
    ස්තූතියි ඔබගේ අපූරු ගැලපුමට . . .:)

    ReplyDelete
  3. අපූරුයි යාළු

    ReplyDelete
  4. ලස්සන අදහසක් !!!!

    ReplyDelete
  5. @ මධුරංග : බොහොමත්ම ස්තූතියි යාළු . . .:)

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .