ෆලෝ කරන්න

Thursday, July 7, 2011

දේශපාලනය . . .



නෑ මගේ ලඟ

පාට නම් ගෑවිච්ච
මැදහත්ව හිඳ
කියමි මෙබස
බර කර . . .

නඩු බඩු දෙකම
හාමුදුරුවන්ගේයැ
කිය කියා දඟලන
කීදෙනෙක් මඩි
තර කරගණුද
විකුණා මුකරිකම
සමඟ එකට අනා බස
සැඟව එක එක ,
පැලඳි මූණට . . .

--------------------- : කොහිද ජයගණු මෙලෙස විප්ලව

9 comments:

  1. විසි තුන් අවුරුද්දකිය මට
    ඒත් තවම ගැහුවේ නෑ කතිරය
    මේ බන්ඩි රාලලාට...

    අපට වෙන සෙතක්
    පෙනෙන මානෙක නැති කොට
    මහන්සිවි අපිම ගොඩ යනවා මිස
    බලා හිදිනු කිම ගසා කතිරය
    තව තවත් තර වෙන
    මේ බන්ඩි රාලලාට...

    ReplyDelete
  2. හ්ම්ම්ම් . . මමත් තව නෑ ගහලා එක කතිරයක්වත් . දෙතුන් දෙනෙකුටම උදවු නම් කළා දේශපාලනය කරන්න . ආයේ බොරු කියන්නේ මොකටැ . ඒත් ඉතින් උන්ගෙන් වෙච්ච සෙතක් නම් නෑ . . :D

    ස්තූතියි දිනේශ් . . . :)

    ReplyDelete
  3. නියමයි යාළු

    ReplyDelete
  4. කවුරු උනත් මුලින්ම එන්නේ රටටයි ගමටයි කරනවා කියලා. ආවට පස්සේ තමන්ටයි පවුලටයි තමා !!!!!

    කවුරුත් එකයි අප්පා.බලේට තියෙන කෑදර කම.
    ඔය සීන් එක සුබ සහ යස නාට්ටියේ නියමෙටම තියෙනවා.

    කවි ටික නම් සුපිරි.

    ReplyDelete
  5. @ ayesha : බොහොමත්ම ස්තූතියි . . .

    @ මධුරංග : කවුරුත් එකයි . බලේට තියන කෑදරකමට නොකරන , නොකියන දෙයක් නෑනොවැ නේද . . :P ස්තූතියි . . .:))

    ReplyDelete
  6. අම්මප උබටත් හිතෙන දේවල්....මරු ආ..

    ReplyDelete
  7. @ නරක සමනළයා : මරන්නඩයැ , හිතෙනවා කියලා . . .:P

    ReplyDelete
  8. රට කොරන්නට
    ඇවිත් බලයට
    මට කොරන්නට
    දස්සයෝ

    ReplyDelete
  9. @ සරත් ලංකාප්‍රිය : හෙහ් හේ . . . කියලා වැඩක් නෑ ආයුබොවන්ඩ . . . :P

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .