ෆලෝ කරන්න

Saturday, July 9, 2011

රැඩිකල් කවි . . .




හිතේ අහුමුළුවල
හැංගිච්ච වචන
පිරිමැදලා , ඔප කරලා
විටෙක මුවහත් කරලා
ගලපලා එළියට දාලා
පස්සෙන් පහු
උප්පැන්න හදනවා

" . . රැඩිකල් ලූ . . "


෴෴෴

15 comments:

  1. රැඩිකල් කවියෙක් නැත්නම්
    ඇත්ත කියන්නෙකුත් නෑ..
    පාට පාට හීන ලෝකවලින් රසවිඳින්නන් මුදවගන්නේ ඔය රැඩිකල් කියල කියන කවියො තමයි..

    ReplyDelete
  2. ප්‍රාර්ථනාගේ කතාවත් එක්ක මාත් එකගයි... වෙනස්ම තේමාවක් අරගෙන වෙනස් දෙයක් කරන්නේ මේ රැඩිකල් කට්ටිය තමා.. හැබැයි සමහරක් එක වරද්ද ගන්නවා.. සමහරක් හොදට කරනවා.. DADDY ලා තමයි මට හැගෙන තරමින් හොදටම කරන්නේ..

    ReplyDelete
  3. @ ප්‍රාර්ථනා : මට ඔයත් එක්ක එකතැනකදි එකගවෙන්න බෑ නංගියෝ . " රැඩිකල් කවියෙක් නැත්නම් ඇත්ත කියන්නෙකුත් නෑ.. " කියන තැන ඉදන් බැලුවොත් අපේ ඕන තරම් හිටියා පාට පාට ෆලූඩා වලට වැටිලා උන්නු ඇඹලයි වගේ උන්නු මිනිස්සුන්ගේ හිස් ඔළුගෙඩි වලට ඇත්ත නැත්ත අපූරුවට ගලපලා දීපු විශිශ්ට ගනයේ කවියො . වාද විවාද වලදි කවියෙන් ඉමහත් සේවාවක් කළ පැරනි කවියෝ . මම අහලා නෑ ඒ මිනිස්සුන්ට කවදාවත් ඔය රැඩිකල් කියන පට්ටම දීලා කතා කරනවා . මොකද එක්කෝ උන් ඇත්ත කියන නිසා රැඩිකල් වියයුතුයි කියලා හිතන්න පුළුවං නංගිගේ කතාවෙන් . ඉතින් මේ කතාව සාධාරණ නෑ නෙවෙද .

    @ Dinesh මලයා : " ප්‍රාර්ථනාගේ කතාවත් එක්ක මාත් එකගයි " කියපු නිසාවෙන් නංගියාට දීපු කොමෙන්ටුව ඇබිංදක් බලන්න . අද නිර්මාණ කරුවන් කොටසක් රැඩිකල් කියලා බෝඩ් ගහගෙන ඉන්නවා . ඒ අය කරන හැම නිර්මාණයක්ම රැඩිකල් වෙන්නෙ නෑ . බොහොමයක් අය රැඩිකල් නිර්මාණ කරන්න ගිහින් අවසන පුස්සක් ඉතුරු කරගෙන පැත්තකට වෙනවා . තවත් සමහරු නිර්මාණය පුස්සක් වුණත් තමන්ගේ සමාජ පසුබිමත් එක්ක රැඩිකල් වෙනවා . මම හිතන්නේ ඕනම නිර්මාණයක් රැඩිකල් ද නැද්ද කියන එක නිර්මාණයක් කලාට පස්සේ නිර්මාණයට සහෲද වන්නා විසින් දියයුතු ලේබලයක් මිස . ලේබල් කර සහෲදයාට දියයුත්තක් නම් නොවෙයි .

    ස්තූතියි බොහොමත්ම ඔබ දෙපලටම . . . :)

    ReplyDelete
  4. මම නම් රැඩිකල් කවි ගැන දන්නේ නෑ. දන්න කෙනෙක් කියනවනම් ලොකු පිනක්.

    ReplyDelete
  5. මට ගොඩාක් සතුටුයි සුශාන් උඹ මේ ගැන සංවාදයක් ගොඩ නගපු එකට...උඹේ කවියේ කියන විදිහටම මගෙත් අත්දැකීමක් තමා ඕක..මම කවි ලියන්නෙත් ලිව්වෙත් රැඩිකල් කමක් ආරූඩ කරගෙනවත් එහෙම වෙන්න හිතාගෙනවත් නෙමෙයි..නමුත් බොහෝ දෙනෙක් කියන්වා මට මගේ කවි රැඩිකල් ලු..වෙන්න ඇති.නිර්මාණයක් බිහි කලාට පස්සේ ඒ නිර්මානය තව දුරටත් නිර්මානකරුවාට අයිති නෑ..එතැන් පටන් ඒ නිර්මානයේ හිමිකාරීත්වය දරන්නේ රසිකයා..ඒ නිසා අපිට එයාලගේ ප්‍රතිචාර වලට හිස නමන්න වෙනවා....එතකොට උඹ කියන ඔය උප්පැන්නේ අපිට බාර ගන්න වෙනවා..අපියි දන්නේ අපේ හිතේ තිබුන අදහස් එලියට දැම්මා විතරයි කියලා..නමුත් රසිකයා ඒක බාර ගන්න විදිහ අනුව එක එක ලේබල් අලවගන්නවා..
    නමුත් මම දකින විශේෂයක් තියෙනවා රැඩිකල් කවියන්ගේ..ඓශ්චර්යා පෙන්නලා ග්‍රීස් ගහේ නගින්න කිව්වාම රැඩිකල් කවියා ඒකට සූදානම් නෑ.මොකද එයා ගොඩක් යථාර්තවාදී මෙන්ම ප්‍රයෝගිකයි..ඇත්ත ඇති සැටියෙන්ම ඉදිරිපත් කරනවා ගඳ ගැහුවත්.කොහොම නමුත් රැඩිකල් කියන එක පොඩ්ඩක් විස්තර කරන්න මට අවස්ථාවක් දෙන්න..

    අද සමාජයේ බොහෝ දෙනෙකුගේ මතයක් තමා රැඩිකල් කියන්නේ ජේ.වී.පී මතධාරීන් කියන එක..කෙනෙක් මගෙන් එහෙම ඇහුවොත් මගේ පිලිතුර "කිසිසේත්ම නැත" යන්නයි.ජේවීපී රැඩිකල් සහ රැඩිකල් ජේවීපි පුද්ගලයින් සිටිනවා..නමුත් සියලු ජේවීපී අය රැඩිකල්වත් රැඩිකල් සියල්ලෝම ජේවීපී වත් නොවේ..
    මම සරල උදාහරනයක් යොදා ගන්නම්.රූපවාහිනියේ විකාශනය උන ටෙලි නාට්‍ය 4ක නම් මම ඉදිරිපත් කරන්නම්
    1 බොඳ මීදුම්
    2 ජීවිතේ ලස්සනයි
    3 රස්තියාදුකාරයා
    4 සමනලුන්ට වෙඩි තියන්න
    මෙහි අවසන් දෙක රැඩිකල් බව නමෙන්ම වැටහෙනවා ඇති.ඒක තීරනය කලේ අපි..ඒ නාට්‍ය රැඩිකල් නොවුනත් අපි සීල් එක ගහල ඉවරයි රැඩිකල් කියලා..ඉතිං රැඩිකල් කියන එක දේශපාලන කන්නාඩියකින් නිර්වචනය කරන්න බෑ.රැඩිකල් යන්න සමාජයේ සිදුවීම් වෙනස් ආකරයකට දකින න්‍යායක්..
    ඒ හරහා ලියවෙන යතාර්ථවාදි කවි රැඩිකල් කවි...
    .අපි ලෝකය තුල ඉන්නකම් අපිට ලෝකේ රවුම් කියලා පේන්නෙ නෑ..නමුත් මේ ලෝකය දිහා පිට ඉඳන් බලන අභ්‍යවකාශගාමියො තමා දන්නේ ලෝකේ රවුම් කියලා.එතකොට අපිට අපේ කවි රැඩිකල් නොවුනත් පිට ඉඳන් බලන රසිකයා තමා දන්නේ ඒවා රැඩිකල් කවි කියලා.. ඉතිං කවියා මොකක් ලිව්වත් රසිකයා ගේ තීරණය තමා අවසන් තීරනය.

    ReplyDelete
  6. @ Maddu : මිරාන් , මම දන්නේ නෑ මචෝ උඹ වැරදියට හිතුවද කියලා . මම උඹ රැඩිකල් කවියෙක් වෙන්න හදනවා , දගලනවා මේක කොමෙන්ටුවක් විදියට දාල කියන්න හැදුවේ නෑ ඔන්න . ඒ වුණාට අර සමහරු කියනවාය කියන කතාවට මමත් එකගයි . මිරාන්ගේ සමහර නිර්මාණවල මම දැක්කා ඔය රැඩිකල් කියන දෙයක් . මම මෙතනින් උලුප්පන්න හැදුවේ මිරාන් අපේ සමහරු ඉන්නවා මම රැඩිකල් කවියෙක් , එහෙමත් නැතිනම් රැඩිකල් නිර්මාණ කරුවෙක් කියලා තමන්ටම කියාගන්න ඇත්තෝ . මම හිතන්නේ අපි මොනයම් හෝ නිර්මාණයක් කළාම ඒකට හොඳද , නරකද , සාර්ථකද , අසාර්ථකද , සරළයු ද , රැඩිකල්ද කියන ලේබල් ඇලවීම වියයුත්තේ සහෲදයා අතිනුයි . නිර්මාණ කරුවා නිර්මාණයකට තමන්ම ලේබල් අලවා ගැනීම තමන්වම මුලාවේ දා ගැනීමක් විදියටයි මම දකින්නේ .

    ReplyDelete
  7. @ මධුරංග : මල්ලිට පිළිතුරක් දාන එක පොඩ්ඩක් පමා කලේ හේතුවක් ඇතුව . මොක්ද නොදන්න දෙයක් කෙනෙකුට කියලා දෙනකොට ඒ දේ හරියටම කිව්වේ නැත්නම් ඒ කෙනාව නොමග යැවුවා වෙනවනේ . මොකද අපි හැමෝටම තමන්ගේ වුණු මිණුම් දඬු තියෙනවනේ . . .

    රැඩිකල් කියන්නේ සාම්ප්‍රදායට එරෙහිව නගන්නාවූ විප්ලවය කියන අරුතක් . රැඩිකල් කවි කියන්නේ සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගිහින් කරන්නාවූ නිර්මාණයයි . රැඩිකල් කියන දේට තව තේරුම් විදියට දෙන්න පුළුවං අන්තගාමී, ප්‍රධානි සහ අත්‍යන්ත වගේ . . .

    මම හිතනවා මධුරංග මලයට පොඩි හරි දැනීමක් ලැබෙන්න ඇති කියලා . මේ විදියට පැහැදිලි කරන්න ඇත්තෙන්ම මටත් තේරුම් බේරුම් කරලා දුන්නේ අපේ ඉන්ද්‍රනාත තේනුවර මහතා . නිරන්තරයෙන්ම තම දැණුමෙන් උපරිම ලෙස උපකාරදක්වන ඔහුටත් බොහොමත්ම ස්තූතියි .

    ReplyDelete
  8. හැදුනා සිත ඔබ
    හව් මුළු ගති නැත
    මුහුණට කියමිණ
    කවට බස් නැත
    පිරිපහාදු සිත් තුල....

    ලස්සනයි සහෝ...

    ReplyDelete
  9. @ හිරු එළිය : ස්තූතියි බොහොමත්ම . . . :)

    ReplyDelete
  10. රැඩි -කල්,
    ඇනෙන තරමට,
    රිදෙන,
    රිදෙන තරමට,
    ඇනෙන,
    යථාර්තය....
    ලු

    ReplyDelete
  11. @ නරක සමනළයා : හෙහ් හේ . . . රැඩිකල් ලූ . . .:P
    ස්තූතියි බොහොමත්ම . . . :)

    ReplyDelete
  12. @සුශාන්...නෑ මචං,මම එහෙම හිතුවේ නෑ..ඔව් ගොඩාක් අය කියන දෙයක් තමා ඒක..මගේ කවි වල රැඩිකල් ගතියක් තියෙනවා කියන එක..ඒත් මචං උඹ කියන්න වගේ රැඩිකල් කියන එක අපිට අලවගන්න බෑ..ඒක අනික් අය ඇලොව්වොත් කරන්න දේකුත් නෑ..කොහොම උනත් රැඩිකල් කියන එක වැරදි දෙයක් විදිහට නම් මම දකින්නේ නෑ..

    ReplyDelete
  13. @ Maddu : අනිවාර්යෙන්ම අපි නිර්මාණයක් ගැන නිර්මාණ ශිල්පියෙක් විදියට බලද්දි සහෲදයාගේ මතයට ඉඩ දෙන්න වෙනවා . කෙනෙකුට රැඩිකල් තවකෙනෙකුට එහෙම නොවෙන්න පුළුවං . රැඩිකල් මමත් වැරදි විදියට දකින්නේ නෑ . අපේ නිර්මාණ වලට වැදෙන ලේබල් වලට අපිට මැදහත්ව ඉඩදෙන්න වෙනවා . මොකද නිර්මාණයක අයිතිය නිර්මාණ කරුවාට තිබුණත් එය අයිති සහෲදයාට . මිරාන් බොහොමත්ම ස්තූතියි . ජය . . .!

    ReplyDelete
  14. ලියමි කවි
    නිරායාසෙන්
    මට සිලුටු නොකරම
    රළු පරළු සිතුවිලි..

    ReplyDelete
  15. @ සරත් ලංකාප්‍රිය : හ්ම්ම්ම් , අමුවෙන්ම . නේද . . .:D ස්තූතියි සරත් බොහොමත්ම .

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .