ෆලෝ කරන්න

Tuesday, July 19, 2011

නින්ද නුඹ . . .





නිදි දෙව්දුවනි ,
අද රැයත් නුඹ
වෙලී ඉන්න
ඇගේ ලඟ
නොදැනෙන්න ඇයට
හිතේ බර . . .

ඇගේ ලඟ හැංගිච්ච
හීන කප්පරම ,
රැගෙන මම සැබෑකර
එනතුරා හැකිවෙත්ද
රැඳී ඉඳ සනසන්න
මගේ පෙම්බරියව
සුවසේම . . .

4 comments:

  1. හිතේ බර වැඩි කමට
    එන්නේ නෑ නිදි දෙව්දුවත් තුරුලට
    කදුලු විතරයි ඉතිරි අද මට
    හිත් පුරා ඇදි තනිය මැකුමට..

    ඩොලර් කොල අද කදුලු වූවා
    හිත් අහස මගේ අදුරු වූවා
    කදුලු බිදු මට උරුම වූවා
    සරා සද මට අහිමි වූවා..

    හීන කප්පර...
    අනේ නුබ මට දුන් වියෝවා...

    ReplyDelete
  2. @ අසනි : බොහොමත්ම ස්තූතියි අපූරු කවියකින් වටිනාකමක් දුන්නට . . .

    ReplyDelete
  3. හීන කප්පරම
    තුරුල් කර මා
    බලා හිදිනෙමි
    එනතුරා නුඹ . .

    ReplyDelete
  4. @ සිතුමි ප්‍රියංගා :

    දනිමි ,
    මා එනතුරා
    නුඹ හිඳිනා බැව්
    දෙනෙත් රුවා
    මග බලා . . .

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .