ෆලෝ කරන්න

Monday, July 25, 2011

හීන . . .



උදේ කෑවා ,
ඉස්තරම්ම වර්ගයේ 
පොල් රොටියෙන් බාගයක් . . .
ඒකත් සීනි අහුරක් එක්ක
කන ගමන් හිතුනෙත්
දවල්ට කන්න ඕනෙ
බුරියානි . . .

දවල්ට කනවා ,
අර ඉස්තරම්ම වර්ගයේ
ඉතුරු පොල් රොටි බාගය . . .
ඒ කන ගමනුත්
රෑට නම් කොහොම හරි
කන්න ඕන
බුරියානි . . .

4 comments:

  1. අනේ මෙහෙව් හීනයක්!!!!
    බලන් යද්දි මේක මේ,
    බුරියානි හීනයක්නේ...

    සරලම සරල පද..ඒත් ඒකෙන් මිනිස්සුන්ගේ ජීවිතේ එක පැතිකඩක් කියනවා..එක වෙලාවකට හිතෙනවා බෝඩිම් ජීවිතේ උලුප්පලා පෙන්නුවද කියලත්...

    ReplyDelete
  2. @ අසනි : ජීවිතය කියන්නෙත් එක්තරා විදියක බෝඩිමක් නේද . . . :D මේ වගේ අය කොයිතරම් නම් අපි එක්කම ඇත්ද . හිත් වලින් මුමුන මුමුන . . .

    ReplyDelete
  3. සමාජයේ එක්තරා පැතිකඩක් මෙයින් මනාව පෙන්නුම් කරනවා.

    ReplyDelete
  4. @ සිතුමි ප්‍රියංගා : මටත් කාලයක් තිබ්බා සිතූ ඔහොම හීන දැකපු . එනිසාම මම හිතනවා මම තරමක මහන්සියක් ගත්තා මගේ හීන හැබෑකරගන්න . . . . එනිසාමදෝ කොහෙද මම රොටියෙන් චුට්ටක් එපිටට ආවා . . .:)

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .