ෆලෝ කරන්න

Thursday, July 7, 2011

හිතද නුහුරද . . .




තුඩ ,

මොට්ට පැන්සල
ගැලපුවා පද
අපූරුවට
ගානක්වත් නැතුව . . .


ඊයේ මම ,
මොට්ට වෙච්ච
පැන්සල ,
උල්කරා තුඩ
සිහින්වෙන තරමට
හොඳට . . .


තව තව ,
ලියන්න හිතාගෙන 
හොඳට . . .


දැං දැං ,
කොයි තරං මොනවා හිතුනත්
ලියවෙන්නෙම නැති හැටියක් ,
හරියට . . .


හිතද ,
නුහුරද . . .


4 comments:

  1. තියුණු හදකට
    නුහුරු නැත පද
    ඒ නිසා හනි හනික
    අකුරු ගෙත්තම් කරන්...

    ReplyDelete
  2. @ කඩේ හාමිනේ :

    නුඹේ වදනට
    පිටුනොපා වෙද
    මෙලෙස පබඳා
    දිගහරිනුයේ . . .

    බොහොමත්ම ස්තූතියි . . .:)

    ReplyDelete
  3. ලියන කවි පද
    තියුණු වේ නම්
    කැඩුනත් මොකද
    පන්සලේ තුඩ ?

    ReplyDelete
  4. @ සරත් ලංකාප්‍රිය : අනිවාර්යෙන්ම . . .:D

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .