ෆලෝ කරන්න

Saturday, July 2, 2011

ඔටුවා . . .



මගේ කූඩාරමට
උඹ රිංගලා 
අතපය හතරම
දිගහැරල දාලා 
උඹට ඉඩ දීපු
මටවත් 
දැන් කූඩාරමේ
ඉඩ නෑ

෴෴෴

9 comments:

  1. දිලා මම නුඹට ඉඩ..
    කරගත්ත මෝඩකම..
    කියමි කැ ගසා අන් අයට..
    නොකරන් මෙවැනි ගොන් කම්...

    ReplyDelete
  2. උබ නාඩන් උබ නාඩන් උඅබට ඕව හොද පාඩම්

    ReplyDelete
  3. අනේ නුඹ මට
    ඉඩක් දි සිටින්නට
    දැන් මේමට
    දොස් තබන සැටි . .

    ReplyDelete
  4. @ නිම්ශා & All in one : හෙහ් හේ . . මෝඩකම් , ගොංකම් මැද්දේ මනුස්සකම කියන වචනෙත් මතක් වෙන්න ඕනේ නේද ඔය මිනිහට බනිද්දි . . :) ස්තූතියි ඔබ දෙපලටම .

    ReplyDelete
  5. @ සිතූ : වෙනස්ම පැත්තකින් ගලපලා නෙවෙද . . ඔටුවා ඔහොම හිතන එක හරි ඔය ඉඩ දීපු හාදයව එළියට විසි නොවුනා නම් . . :) නේද . . . ස්තූතියි ඔයාටත් සිතූ .

    ReplyDelete
  6. නුඹට ඉඩ දීලා
    මමත් එළියට විසි වෙලා
    ඔක්කොම ඉඩ නුඹ
    ගන්න හිතන්නේ නැතුව
    ඉන්න තිබුනනම් අපිට එකට
    මේ කූඩාරම යට..

    ReplyDelete
  7. @ දිනේශ් : අපේ කූඩාරං වලට රිංගන ඔටුවෝ ඔහොම හිතුවානම් . නේද . . අද අපේ කට්ටිය ගාවත් තියෙන්නේ ඔය ඔටු ගතියමනේ . කියවලා කියවලා තැනකට රිංගගත්තාම ඉඩ දීපු එකාවත් කොහොමහරි එළියට තල්ලු කරන්න තමයි බලන්නේ . . . :) ස්තූතියි ඔයාටත් . අපූරුයි කොමෙන්ටුවත් .

    ReplyDelete
  8. ඔන්න මේ කවිය නම් මටම කියපු එකක්ද කොහෙද. මමත් තාම ඔටුවෙක් නේ !!!! :)

    ReplyDelete
  9. @ මධුරංග : ඔහ් හෝ . . . කාගේ කූඩාරමටද රිංගුවේ . . .:P

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .