ෆලෝ කරන්න

Tuesday, July 5, 2011

කුඹුරු කෙටිල්ල . . .


මේ තියෙන්නේ මුහුණු පොතේ අපේ කට්ටිය සෙට් වෙන සිත් පාවාඩ ගෲප් එකේ කට්ටියත් එක්ක එකතුවෙලා කුඹුරු කොටපු හැටි . මට හිතුනා ඉතිං මේක නොදැක්ක අයට බලාගන්නත් එක්ක බ්ලොග් එකේ පොඩි පෝස්ට් එකක් දාන්න .  මෙතන ඉන්න සමහරුන්ව නම් ඕගොල්ලො අඳුනනවත් ඇති . බ්ලොග් කරලියේ රස්තියාදුකාරයා , පොඩි මෑන් , පාදඩයා  වගේ කස්ටියත් මෙතන ඉන්නවා .



Ridma kasun

ගොඩමඩ දෙකම සරුසායයි කිරි සුදුය
ගොඩ මඩ මැදින් ගලනා ගඟ මනහරය
පැනලා නාන්නට හිතුනත් මට බයය
රේන් කෝට් එක අද මට අමතකය  

Saumaya sandaruwan
රේන් කෝට් නැතිවට නම් කම් නැතිය
දන්නා කියන කුඹුරක් නම් මඩ නැතිය
නියරක් දිගේ නම් ඈතට යා හැකිය
අනුන්ගෙ කුඹුරු වල ගොවිකම් තහනම් ය  

Ridma kasun
කුඹුරේ අයිති කරුවෝ නෑ කොටන්නට
පුරන් වෙන විදිට දැකලා දුකයි මට
අදේටවත් දෙන්නැති කොට හාන්නට
හොරෙන් ඇලේ ගිලෙනව මම නාන්නට  

Saumaya sandaruwan
හොරෙන් ගිලී නෑවත් නුඹ ඉතිං ඇලේ
නියර දිගේ එනවිට නුඹ රිද්ම මලේ
මඩත් එක්ක ගෑ වී ඇති නිසා ජලේ
පෙනේවි ඉතිං නුඹ බැස ආ බව ම වෙලේ  

Ridma kasun
වෙලේ බැහැල ආවම මඩ තැවරෙනවා
ඇලේ පැනල නෑ වම ඇස් රතු වෙනවා
යායේ කොන තලේ ගල් මම වැතිරෙනවා
හතිගිය පසු ආයෙත් කුඹුරට එනවා

Sushan Priyanath
මඩ නැතිවද
ඉහිරි හැම අත
පුරංවනු දැක
වැපුරු කුඹුරක   

MKCP sasheen
කරක් ගහල මහ බඩවැටි කුඹුරු වල
ඇලක් දොලක් ගානේ සිල් බිඳපු කල
වලක් ඉහා ගන්නට මට නැතිව කල
තෙලක් හොයා පොල් බෑවෙමි සමග මල   

Sushan Priyanath
හතිය නොබලා
කොටනු විගසින
උපරිමය දැක
විඩාලනු හැක  

lakmaal Jayasinghe
පුරන් වෙච්ච කුඹුරක් ලඟ බිඳක් හිඳ
ගැලෙව්වාට වල් පැලයක් දෙකක් මම
සින්න කරන් කුඹුරු අරන් විඳින දුක
දන්න එකා කියපන් මට දැනගන්න   

Saumaya sandaruwan
වෙලේ නටා මඩ ගා ගන්ටත් බැරිය
ඇලේ නාන්නත් හිත හීලෑ මදිය
ගලේ නිදනු බෑ, එය රත් වී වැඩිය
මලේ මෙදා මමනං අඳයට නැතිය  

Ridma kasun
පුරන් වන නිසයි මම හෑවේ කුඹුර
පොඩි පොඩි ලියදි වල අස්වනු හරි අඩුය
හේනක් කොටාගෙන ඉන්නෙක හරි සැපය
නැති බැරි කලට කුඹුරත් ගෙන දෙයි සැපය   

Grawi
කොයි කුඹුරක් හෑවත් තොපි බොලන්නේ
ගිරවිට වී කරල් ඉතිරිව තබන්නේ
රෑන පිටින් ඇවිදින් සැරි සරන්නේ
නිදිමත වැඩියි බයිලද මම කියන්නේ   

Sushan Priyanath
වෙස්සන්තර ගති මා ලඟ නම් නැතිය
මගේ කුඹුර අඳයටවත් දෙනු නැතිය
හොරෙන් පනිනවුන් අල්ලා ගනු හැකිය
රකිමි පැලේ හිඳ මා නම් කුඹුරෙමය   

lakmaal Jayasinghe
වැස්ස නැතිව පුරන් වුණත් යස කුඹුරු
වැස්ස දාට එකවර වෙයි මඩ ගොහොරු
කාලෙ බලා කෙටුවොත් එයි යස ඉසුරු
නොදත් එකා වැලලෙයි මඩ යට කුඹුරු   

girawi
කුබුරෙම ඉදන් නුඹ තනි රකිනා වේලේ
වී අරගෙන යන්න මම එන්නෙමි රාලේ
හරකුන් රැසක් ඒ දැක හිද ගොන් ගාලේ
උම්ම්බෑ කියය් නුඹටයි ඇමතුම රාලේ  

Ridma kasun
පැලේ ලැගන් උඹ කුබුරේ ඉන්න කොට
ඇලේ පැනල නානව මම හොරෙන් අද
බඩ වැටි යටින් ම රිංගන් යනෙන කොට
වෙල ලග පැලේ උඹ තාමත් නිදිද බොල  

lakmaal Jayasinghe
බජිරි ගොඩිරි දුන්නත් හැම සුර සැපය
වී ටික කන්න ගිරව් ඒවි ඒ හැටිය
දිවා රැයේ ඇස් දෙක ලෙස ගත්ත රැක
කුඹුර දැකල මට දැනෙනව නිවන් සැප  

girawi
ඇදගෙන නාල රිද්මය්යා කුබුර ලග ලිදෙන්
හාගෙන කුඹුර ස උම්මිය ඉන්නව ඉතින්
සු ෂාන් සී සන්නට හරකෙක් සයඉ ඉතින්
ලක්මාල් වැඩක් නැත්තන් ගොස් ව්දව් වෙයන්   

MKCP sasheen
උඹෙ පැලේ හිල් ඇති වහලයේ හිඳ
රීමික්ස් කර කියනව මගෙ පැල් කවිය
තලේ උලට ඇති උදැල්ල මගේ නෙව
මලේ උඹට කුඹුරත් නැති වෙනව හෙට  

Ridma kasun
පැනලයි නෑවෙ නෑ ඇදගෙන මම නෑවේ
සවුමා ඇවිත් ගල උඩ ඉද තනි රැකුවේ
සුශා ඉදන් නිදි කිර කිර පැල් රැකුවේ
ගිරවිගෙ කුබුර පාලු නිසයි දොස් නැගුවේ  

lakmaal Jayasinghe
උදවි කලොත් මිතුරට මට සුර සැපය
මිතුරගෙ බිරිඳ වුමද එය වෙනස් නැත
ඉඳල හිටල වැඩ වරදින තැනුත් ඇත
ඇදන් නෑම පැන නෑමට වැඩිය හොඳ   

girawi
මගෙ කුඹුරට මොන පාලුද රිද්ම මලේ
සොමි සද තනි රකී හැමවිට අදුරු වෙලේ
පැල් බැදගෙන උඹලා කවි කියන කලේ
සද පායලා ඉගි බිගි පානවා මලේ   

lakmaal Jayasinghe
හඳ වගේද කුඹුරට ගොවියකුගෙ අගේ
දෑතින් අරන් සලකයි ඔහු දිවා රැයේ
හ‍‍‍ෙඳේ සිසිල මදි නොවේද ගිරා ල‍ෙඳේ
හොඳ කල් බලා අඳයට දෙනු කුමුර උඹේ 


ඔන්න පේනවනේ අපේ කස්ටියගේ වැඩ . . . :P මේ සේරම ජොලියට හොඳේ . . . . :)

෴ 

8 comments:

  1. අප්පටසිරි.... කෝමද අපේ කටවල්.. ආන්දෝලනාත්මක කවි පෙල පාවඩේ.. සනීපයි,,,

    ReplyDelete
  2. @ පාදඩයා : හෙහ් හේ . . . ඔන්න ඔහොමයි වුණා කියන්නේ නේද . . .:)

    ReplyDelete
  3. චික් මං නිදිනේ ඔය වෙලේ අපරාදේ.....

    පාලු කුබුරු දෙනවානන් අස්වද්දන්න,
    හැකිය මටත් පට පට ගා කොටන්න ,
    කෙටෙන කලට නියරේ මට දුවන්න,
    පලු (පාලු) අරිනවා කුබුරේ තරු විසිවෙන්න,

    චික් මගේ කට තු

    ReplyDelete
  4. @ නරක සමනලයා : හ්ම්ම් හ්ම්ම් . . . අපරාදේ නේන්නම් , නැත්නම් මෙතන තව මොනවා මොනවා කියවෙයි ද දන්නේ නෑ . . . :P

    ReplyDelete
  5. ඔන්න මටත් කවියක් මතක් උනා.

    පුරන්වූ කුඹුරක් දකින විට
    ඇඟපත කසන ගතියක් ඇත ගොවියෙකුට
    ආවෙමි කුඹුර අස්වද්දන හැඟුම පිට
    සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි මට

    මේ කවියට දුන් පිලිතුරු කවිය මෙසේය.

    අකලට පුරන්වූවත් සොබදහමට
    අඳ ගොවියෙකුට මගේ කුඹුරේ ඉඩක් නැත
    ට්‍රැක්ටරයකින් යල මහ දෙක කරපු වැඩ
    ඔය නඟුලකින් මොනවා නම් කළ හැකිද

    ReplyDelete
  6. @ මධුරංග : ම්ම්ම් . . කුඹුරු කෙටිල්ලට තව තව ගොවියෝ එක් වෙන්නේ . . . :P අපූරුයි මධුරංග . . . ස්තූතියි බොහොමත්ම එකතුවුණාට . . . :)

    ReplyDelete
  7. මරු කුඹුරු කෙටිල්ල..මරු..

    ReplyDelete
  8. @ නිම්ශා : හෙහ් හේ . . . ස්තූතියි :)

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .