ෆලෝ කරන්න

Friday, June 10, 2011

ආත්මාර්ථකාමී . . .


හඳට , 
දඬුවම් . . .
දවාලම තහනම්
හිනැහී තරු එක්ක
රෑ කළ වැරැද්දට
ඒකාදිපති හිරුගෙන් . . .
හඳට පෙම්බැඳ
රැයෙහි මුකුලිත
මලක පහසට
ලංවනු නොහැකිව
තැටමූ සමනළ ,
කේලමක් නිසාවෙන් . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .