ෆලෝ කරන්න

Friday, June 10, 2011

කිරිල්ලිය . . .

තටු සිඳුණු
කිරිල්ලිය නුඹ ,
හැඩයි පියඹනයුරු 
සිසාරා අහස්කුස . . .
මා තෑගි කළ
පියපතින් හැඩ . . .


පියාඹා . . . 
සිසාරා . . .
සොයාපන් ලෝකයක් ,
ලියැවුණු නුඹ නම
සදහටම  . . .


නුඹ එතයි යළි
හිඳින්නම් මම , 
මඟබලාගෙන සිහිනයෙන්වත් . . .


ගත පරයාන 
වත්තම් කරගත්
නුඹට සින්නවුණු 
සිත එක්ක


හැමදාටම . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .