ෆලෝ කරන්න

Tuesday, June 14, 2011

සිහිනෙන් . . .


ඝණඳුරට ,

නිති පෙම් බඳිමි
රැය පුරාවට . . .


ඉහිලුම් නොදෙන
හැඟුම් පොකුරු මල්
අතුරාලූ යහන් මත
සැතපෙමි . . .


නුඹේ උයනත ,
කුසුමන් අතර
හිස හොවාගෙන
නැහැපුඩු වෙලාගත්
සුවඳින් ,
මන්මත්වෙමි . . .


රැය ,
පහන් කරමි
සිහිනෙන් මෙලෙසින්ම. . . 

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .