ෆලෝ කරන්න

Friday, June 10, 2011

ඇගේ මතකය . . .


හැර දෑස්
කුමටද අඳ වූ
දකිනු නැතිකොට
නුඹෙ රූ 
ඇඳෙනා . . .
සවනත යොවනු 
කුමටද දස අත
නුඹේ හඬින් ගී
නොගැයෙන යාමෙක . . .
දසත අතගා
සොයනු කුමටද
ඇඟිලි තුඩු අග
නොරැඳි උනුහුම . . .
නුඹේ ලඟ හිඳ
වෙසෙනු කුමටද
ඔහුගේ මතකය
නුඹේ ලඟ 
ලඟින් හිඳගෙන
තවත් ඇතිකොට . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .