ෆලෝ කරන්න

Friday, June 17, 2011

නුඹෙන් නික්මෙමි . . .


නුඹේ දෙතොලඟ ,
සිනහවක්වී ඉපිද
හැමදාට රැඳෙන්නට
පුල පුලා බලාහිඳ 
නිදිවැදගනු නොහී
නුඹේ හිත තුළ
ගොම්මනට පෙරාතුව
නික්ම යමි නුඹගෙන්ම 
අතීතයක වත්මන
සොරාගෙන නුඹව
බලාහුන් මදෙසවත්
නිකමටවත් නොබලාම
නික්මුනා ඈතකට
ඉගිලගිය හිත මෙන්ම
පරාජිත සුසුමින්
දොවාගෙන මතකයම

෴෴෴෴෴෴෴෴෴

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .