ෆලෝ කරන්න

Thursday, June 30, 2011

පමාව . . .


හිරු
ගිලෙනවා හැමදාම
යලි එන
. . . පොරොන්දුවපිට . . .
සඳු නැඟෙනවා
හොර හොරෙන් 
හැමදාට ඉන්න මෙන්
හිරු එනකන්ම විතරක්
. . . හෙට දවසට . . .
ඒත් 
අද නැත්නම් හෙට 
කවදද ඇත්තට එන්නේ
ඔය කියන දවස
. . . නුඹ ලඟ . . .

෴෴

6 comments:

  1. හිරු සදු නැගෙනවා පෙර ලෙසම
    සයුරු රළ වෙරළට ඇදෙනවා තවම
    කදුළු බිදු තව හැලෙද්දි පෙර ලෙසම
    මම ඉන්නවා බලාගෙන නුඹ එනතුරුම..

    ReplyDelete
  2. ස්තූතියි දිනේශ් . අපූරුයි ගෙතුම . . .

    ReplyDelete
  3. කවදාහරි ඒ කියන දවස එන්න එපැයි. ලස්සන පද ගෙතුමක්

    ReplyDelete
  4. එදවස එන තෙක් බලා සිටිමි මම
    ඉර හඳ තෙක් නෙතු කැන් දල්වා..

    ReplyDelete
  5. ලස්සන පද පේලි ටික .......

    ReplyDelete
  6. @ මධුරංග , හංසි , පන්සල් හංදිය :
    ස්තූතියි ඔයාලා හැමෝටම . . .

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .