ෆලෝ කරන්න

Thursday, June 9, 2011

ඒක දැන් ෆැශන් එක . . .





කලකට ඉහත ,

පිටකොටුවෙන් ගත්ත
හම්පඩ ඩෙනිමට
ඇල්ලුවා පොඩි කෑල්ලක්
වැහෙන්න ඉරුණු තැන . . .


" ඒක දැන් ෆැශන් එක "
ඇල්ලුවා පොඩි වචනෙකුත් . . .


එපමණටම ,
රුපියල් අහිමිව
හිස්වෙන අතදැක
දුක්වෙන හිත තව
වාවණු නොහැකිව
ඉරෙන ඉරෙන තැන ,
සඟවණු කෙලෙසද . . .

2 comments:

  1. ඇත්තටම මට හිතෙන විදිහට නම් ඩෙනිමට අණ්ඩ දානවට වඩා හිතට අණ්ඩ දාන එක ලේසියි....

    Please remove word verification for comments if possible.

    ReplyDelete
  2. ඩෙනිම අඳිනවා , පරනවෙනවා , ඉරෙනවා , අඬු දානවා , මහනවා , දිරනවා , විසිකරනවා . . . ඒක එතනින් ඉවරවෙනවා . කොහොමහරි කරලා හිතට අන්ඩක් දැම්මමයි කියමුහකො . වෑඩක් තියෙයිද . . . ඩෙනිමට වගේ . . . :P

    ස්තූතියි කොමෙන්ටුවට . . . :)

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට .